sabeetha-husband-upali-jayasinghe-fall-down

ඊයේ සවස කොළඹ වෝඩ් පෙදෙසේ ඇවිද යමින් සිටියදී සිහිසුන්ව බිම ඇදවැටී අනතුරට ලක්වූ ප්‍රවීණ සිනමා නිළි සබීතා පෙරේරාගේ ස්වාමිපුරුෂයා වන උපාලි ජයසිංහගේ සෞඛ්‍ය තත්ත්වය බරපතල බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.


ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රකට ව්‍යාපාරික උපාලි ජයසිංහ මහතා මෙලෙස හදිසි අසනීප තත්වයකට ලක්වන්නේ ඊයේ සවස ශරීර සුවතාව සඳහා ඇවිදිමින් සිටියදීයි.
වෝඩ් පෙදෙසේ ආසන්න සවිකළ සීසීටීවී දර්ශනයකින් පෙන්වන්නේ ඔහු ඇවිද යද්දී කිසියම් අපහසුතාවක් මත මදක් සිටගෙන නැවතී එක්වරම ඇදවැටෙන අයුරුය.

අනතුරුව මිනිත්තු 20 ක් පමණ යනතුරු කිසිවෙකු ඔහු වෙත නොඑන අතර ඔහු දිගටම සුළු චලන සහිතව පොළවේ උඩුබැලි අතට දිගාවී සිටින්නේය. මේ දිනවල කොරෝනා රෝගීන් ඇද වැටෙන ස්වභාවයක් පවතින නිසා ආරක්ෂාව තකා ඇතැමුන් මෙවැනි රෝගීන් දැකදැකත් නොදුටු සේ යාම නිසා ඔහුට පිහිටක් ලැබීම ප්‍රමාද විය.
නිවස ආසන්නයේ ඇදවැටුණු උපාලි ජයසිංහ මහතා එලෙස විනාඩි විස්සක පමණ කාලයක් සිටිමෙන් පසු  ඒ අවස්ථාවේ ඒ අසලින් ගිය වෛද්‍යවරයෙකු මෙම සිද්ධිය දැක ඔහු මැදිහත්ව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව වාර්තා විය.

සාමාන්‍යයෙන් උස  පුද්ගලයෙකුවූ නිසා ඔහු වේගයෙන් ඇදවැටීම සිරුරට තදින් දැනිණි.
මෙම ඇදවැටීම හේතුවෙන් ඔහුගේ හිසට බරපතල හානි සිදුවී ඇති අතර අධික රුධිර වහනයක්ද සිදුවී ඇති බව වාර්තා විය.
 ඔහු රෝහල් ගතකරන විටත් සිහිසුන් තත්ත්වයේ සිටි බව පැවසිණි.හදිසි අනතුරු අංශයට ඇතුලත් කෙරුණු උපාලි ජයසිංහ ඊට ටික වේලාවකට පසුව කොළඹ පෞද්ගලික රෝහලක දැඩිසත්කාර ඒකකයකට ඇතුලත් කර තිබෙයි.මේ වනවිට දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ඔහුගේ තත්ත්වය බරපතල බව වාර්තාවල සඳහන්වේ.
 සීසීටීවී දර්ශන පහතින් දැක්වේ.