පිට පිටම දෙවැනි එක්දින තරගයත් ලකුණු 103 කින් ජයගත් බංග්ලාදේශය තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදිම 2-0 ක ජයක් අත්කර ගත්තේය. ඩකා නුවරදී අද පැවැති දෙවැනි තරගයේදී ලකුණු 247 ක ඉලක්කයක් හඹා ගිය 



ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉලක්කය වර්ෂාව හේතුවෙන් ඕවර 40 කදී ලකුණු 245 ක් ලෙසින් සංශෝධනය කෙරිණ. ඕවර 40 අවසානයේදී කඩුලු 9 ක් අහිමි කරගෙන සිටි ශ්‍රී ලංකා පිල ලබා සිටියේ 141 ක් පමණි.