
සිර දඩුවම් ලබා අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රන්ජන් රාමනායක මහතා සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බවට පළවන වාර්තා අසත්‍ය බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ රන්ජන් රාමනායක මහතා එවන් කිසිදු උත්සාහයක් දරා නොමැති බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චන්දන ඒකනායක මහතා,
"රන්ජන් රාමනායක මහතා සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බවට සමාජ මාධ්‍ය හරහා පළවෙලා තිබුණා. ඔහු එවැනි කිසිම දේකට සම්බන්ධවෙලා නෑ. ඔහු ඉතාම හොඳ සෞඛ්‍ය තත්ත්වයක් යටතේ ඔහුගේ සිරමැදිරියේ කාලය ගත කරනවා. මේ පුවත බොරුවක්. මීට පෙරත් අසත්‍ය පුවත් පළවුණා ඔහුට පහරදීලා කියලා."
Comments
Post a Comment
Your comment will be visible after approval