
කොටුව ප්‍රදේශයෙන් ඉවත් කිරීමට යෝජනා කර ඇති පොලිස් මූලස්ථානය දෙහිවල අත්තිඩිය බෙල්ලන්තොට මංසන්ධියේ අක්කර දාහතරක භූමිභාගයක ස්ථාපිත කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය සූදානම් වෙයි.
ශ්‍රී ලංකා පොලිසිය යටතේ ක්‍රියාත්මක සියලුම ඒකක එම ගොඩනැගිලි තුළ ස්ථාපිත කිරීමට නියමිතය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය ඇතුළු අනෙකුත් විමර්ශන අංශ ඊට ඇතුළත් වෙයි.
නව පොලිස් මූලස්ථාන ව්‍යාපෘතියේ අධීක්ෂණ කටයුතු හා ඉදිරි තීරණ ගැනීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සත් පුද්ගල කමිටුවක් පත්කිරීමට ද විෂය භාර ඇමැති සරත් වීරසේකර තීරණය කර තිබේ.
නව පොලිස් මූලස්ථානය මිරිහාන ප්‍රදේශයේ ඉදිකිරීමට මීට පෙර යෝජනා වී තිබුණි. එම ඉදිකිරීම සඳහා කර තිබූ යෝජනාවේදී වැයවන මුදල රුපියල් බිලියන 9.32ක් ලෙස දක්වා තිබුණත් මෙහි ඉදිකිරීම් සඳහා වැය වන මුදල මෙතෙක් ගණනය කර නැත.
උදයජීව ඒකනායක
Comments
Post a Comment
Your comment will be visible after approval