
අද (31) දින දක්වා ගුවන් තොටුපොළ වසා දැමීමට ගෙන ඇතී තීරණය දිර්ඝ කිරීම හෝ ලිහිල් කිරීම සම්බන්ධයෙන් වු අවසන් තීරණය කොවිඩ් මර්දන කමිටුව විසින් ප්‍රකාශයට පත්කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, සංචරණ සීමා අඛණ්ඩව පැවතීම සහ රටේ පවතින වත්මන් තත්ත්වය පිළිබඳ අවදානය යොමුකරමින් අදාළ තීරණය ගැනීමට නියමිත බවය.
පසුගිය මැයි 21 වන දා මධ්‍යම රාත්‍රියේ සිට දින 14ක කාලයක් සඳහා මෙරටට පැමිණෙන සියලු මගී ගුවන් යානා අත්හිටුවීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කරනු ලැබීය.
කෙසේවෙතත් එම තහනම මෙරටින් පිටව යන මගී ගුවන් යානා සඳහා අදාළ නොවෙනු ඇත
Comments
Post a Comment
Your comment will be visible after approval