
එංගලන්තයේ මහජන සෞඛ්‍ය ආයතනය (පීඑච්ඊ) විසින් කරන ලද අධ්‍යයනයකට අනුව ඉන්දියාවෙන් හඳුනාගත් කොරෝනා වයිරස් ප්‍රභේදය (B1617.2)ට එරෙහිව ෆයිසර් සහ ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ඉතා ඵලදායී බව සොයාගෙන ඇත.
ෆයිසර් එන්නත සියයට 88 ක් ඵලදායී වූ අතර දෙවන මාත්‍රාවෙන් පසුව ඇස්ට්‍රාසෙනෙකා සියයට 60 ක් ඵලදායී විය.
මෙම එන්නත් දෙකම මින් ඉහත බ්‍රිතාන්‍යයේ COVID-19 ප්‍රභේදයට එරෙහිවද වඩාත් ඵලදායී විය - ෆයිසර් සියයට 93 ක් හා ඇස්ට්‍රාසෙනෙකා සියයට 66 ක් බ්‍රිතාන්‍ය ප්‍රභේදයට ඵලදායී විය.
කෙසේ වෙතත්, පළමු මාත්‍රාවෙන් සති තුනකට පසුව එම ප්‍රතිඵල වෙනස් බව දන්වා ඇති අතර
පසුව ඒවා ක්‍රියාත්මක වූයේ සියයට 33 ක් පමණි.
බ්‍රිතාන්‍ය සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් ඒ ගැන අදහස් දක්වමින්
“මෙම නව සාක්‍ෂිය අතිවිශිෂ්ට වන අතර අප ආදරය කරන පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා අපගේ COVID-19 එන්නත් කිරීමේ වැඩසටහන කොතරම් වටිනවාද යන්න ඔප්පු කරයි. මෙහි ප්‍රතිඵලය ගැන ඉතාමත් සංතෝෂයි” යනුවෙන් පැවසීය.
ඉන්දීය ප්‍රභේදය සම්බන්දයෙන් සිදු කළ මෙම පර්යේෂණය අප්‍රේල් 5 සිට මැයි 16 දක්වා කාලය තුළ සිදු කර තිබේ.
අල්ජසීරා ඇසුරිනි
(Source : https://www.aljazeera.com/news/2021/5/23/pfizer-astrazeneca-effective-against-virus-strain-found-in-india)
Comments
Post a Comment
Your comment will be visible after approval