Chathurika-peris-speaks

●සම්පූණ නම ?
           ''කච්චකඩුගේ චතුරිකා ජයමානි පීරිස්....''
●උපන් ගම ?
         ''කොළඹ''
●පාසල් ගියේ?
         ''මියුසියස් විද්‍යාලය''
●පවුලේ විස්තර ?
         ''අම්මයි,තාත්තයි,මමටයි,නංගියි.....''
●දැන් පවුලේ විස්තර ?
         ''මමයි,ගයානුයි,දුව ආරාධනයි.....''
●පළවෙනි ටෙලිනාට්‍ය?
        ''මම රඟපාපු පළවෙනි ටෙලිනාට්‍ය තමයි බවසැළකිලි ටෙලිනාට්‍ය....නමුත් විකාශනය උනේ සූරිය දරුවෝ ටෙලිනාට්‍ය....ඒ නිසා හඳුන්වා දීමේ ගෞරව තියෙන්නේ නාලන් මෙන්ඩිස් මහත්මයාගේ සුරියදරුවෝ ටෙලිනාට්‍යට....''
●මේ වෙනකොට අවම වශයෙන් ටෙලිනාට්‍ය කීයකට රංගනයෙන් දායක වෙලා තියෙනවාද?
          "ගොඩාක් තියෙනවා ගණන් කරන්න අමාරුයි....අවම වශයෙන් 100කට වැඩි ඇති....''
●ඔබේ නිෂ්පාදන කීයක් තියෙනවද ?
       '' මගේ නිෂ්පාදන 10ක් තියෙනවා...''
●සහභාගී වූ චිත්‍රපට නිෂ්පාදන ?
      '' ඒත් 10 ක් වගේ තමයි තියෙන්නේ ''
●ජීවිතේ ලැබුනු ඇගයීම්?
     ''ඇගයීම් මට ගොඩාක් ලැබිලා තියෙනවා....නැඟී එන නිළිය මට සිනමාවේ හා රූපවාහිනියේ දෙකේම ලැබිලා තියෙනවා...රූපවාහිනියේ සහය නිළිය,ජනප්‍රියම නිළිය වසර කීපයක්ම ලැබිලා තියෙනවා....''
●ඔබයි ගයානුයි දෙදෙනාම රංගන ක්ෂේත්‍රයේ ඉන්නවා...දුවත් මේ ක්ෂේත්‍රයට එනවට කැමතිද ?
        ''මම ක්ෂේත්‍රයට අපු කාලේ ස්වර්ණමය යුගයක් කියලා කියන්න පුළුවන් නමුත් දැන් ඒ අපේ ක්ෂේත්‍රයට රැකවරණයක් නෑ කියලා තමයි හිතෙන්නේ....මෙගේ දුවට මේ ක්ෂේත්‍රයට එයාට අවශ්‍යයිනම් එන්න පුළුවන්...මොකද මම නිෂ්පාදිකාවක් විදිහට කටයුතු කරනවා ගයාන් අධ්‍යක්ෂකවරයෙක් විදිහට වැඩ කරනවා ඒ නිසා එයාගේ අවශ්‍යතාවය අපිට සපුරන්න පුළුවන්....ඒ හැරුනුකොට එයා වෙන රැකියාවක් කරනවානම් හොදයි කියලා මම හිතනවා...මම කැමති එයා මට වඩා ශක්තිමත් ගැහැණියක් වෙනවා දකින්න...''
●දැන් ඔබගේ කාලයට වඩා නාලිකා බොහොමයක් තියෙනවා,සමාජ මාධ්‍ය ප්‍රබලයි...ඉතිං මේ ටෙලිනාට්‍ය තියෙනවානේ...?
      ''ටෙලිනාට්‍ය තියෙනවා...නමුත් නාලිකාවක බෙල්ට් 5ක් තියෙනවා කියමුකො ඒකෙන් එකක් කොරියන් දෙකක් ඉන්දියන් අපිට තියෙන්නේ දෙකයි...ජාතික නාලිකාවේ ඉදලා හැම නාලිකාවක්ම මේ ක්‍රමය අනුගමනය කරන්න සිද්ධවෙලා තියෙනවා...ඉස්සර ඉන්දියන් ටෙලිනාට්‍ය විකාශනය උනේ හරිම අඩුවෙන්...මම කියන්නේ නෑ ඒවා විකාශය කරන්න එපා කියලා..ඒවට යම්කිසි ක්‍රම වේදයක් තියෙන්න ඕන...ඒ අතරතුර අපේ ඒවට හානියක් නොවෙන්න ඕන...අද කාලාකරුවො වැඩි මේ වෙනකොට නාලිකා වලින් පවා කලාකරුවෝ බිහිවෙනවා...අපේ කාලේ ෆේස්බුක්,ඉන්ස්ටර්ග්‍රෑම් තිබුනේ නෑ...නමුත් අපි මිනිස්සු අඳුරගත්තා....ඒ කාලේ අපි ජනප්‍රිය වෙන්න අපිටම SMS ගහගෙන නෑ නමුත් දැන් අලුත් අයට වෙන්නේ තමන්ටම SMS ගහගෙන ජනප්‍රිය වෙන්න... ''
●ඔබේ ජනප්‍රියකාලේ මේ SOCIAL MEDIA එක තිබුනේ නැති එක කොයිතරම් හොද දෙයක්ද ?
          '' SOCIAL MEDIA එකේ හෙද නරක කියලා පැති දෙකක් තියෙනවා...අවශ්‍ය දේටයි අනවශ්‍ය දේටයි දෙකටම මේ  SOCIAL MEDIA  එක දැන් භාවිතා කරනවා...ඒකාලේ  SOCIAL MEDIA  එක නොතිබුනු එක ගැන මම සංතොෂවෙනනවා...මේක වෙලාවකට හරිම කරදරයක් සමහරු ගොඩාක් වෙලාවට හේතුවක් නැතුව තවත් ගෙනෙක්ට දොස් කියනවා...ඒක කිසිම පදනමක් නෑ...මාධ්‍ය උනත් දැන් අවභාවිතා වෙන තත්වයට පත්වෙලා තියෙනවා...ඒ කාලේ එහෙම තිබුනේ නෑ...මම මේ ක්ෂේත්‍රයට අවේ 2002 අවුරුද්දේ ඒ කාලේ  මම මේ ක්ෂේත්‍රයට ආව නිසා අද ඉන්න රංගන ශිල්පිනියකට වඩා මට හොද අවස්ථා ලැබිලා තියෙනවා...''


●ඔබේ ජීවිතයේ ජනප්‍රියම කාලේ සහ අද ගෙවන ජීවිතේ ගත්තම කොහොම වෙනසක්ද තියෙන්නේ....?
          ''ඒ කාලෙට වැඩිය මම අද ටිකක් නිදහසේ ජීවත් වෙනවා...මොකද හේතුව එකක් මගේ දුව නිසා...මම වැඩ තෝරගනිද්දි එයාට අපහසුවක් නොවෙන්න,එයා ගාව ඉන්න පුළුවන්ද කියලා බලලා තමයි මම තෝරගන්නේ...ඉස්සර එහෙම නෙවෙයි එක ටෙලිනාට්‍යක් ඉවර වෙලා ගෙදර එන්න විදිහක් නෑ ඊළඟ එකට යන්න ඕන...ඒ කාලේ මම කවදාවත් සිංහල අවුරුද්දට ගෙදර ඉදලා නෑ...''
●ඔබ ජීවිතේ ජනප්‍රියයි කියලා හිතුනේ කොහෙමද පළවෙනි වතාවට  ?
         '' සූරියදරුවො ටෙලිනාට්‍ය විකාශය කරලා සති දෙකක් විතර ඇති...මම මගේ බයිසිකලෙත් අරගෙන පාර්ලිමේන්තු ground  එකේ පදින්න ගියා...එකකොට මිනිස්සු මගේ දිහා හැරි හැරි බැලුවා...මම දන්නේ නෑ ඇයි කියලා...නමුත් අම්මගෙන් අහලා තිබුනා දුව නේද අර ‍ටෙලිනාට්‍යයේ ඉන්නේ කියලා...මට මතකයි මම බහරේන් වලට ගිය වෙලේ මිනිස්සු මාව වට කරගෙන හිටිය මට ඒ වෙලේ හුස්මගන්නත් බැරුව හිටියේ...ඒතමයි මිනිස්සුන්ගේ ආදරය ඒ ආදරේ අපිට ඒ කාලේ ගන්න තේරුනේ නෑ...''
●ගයාන්ගෙන් ඇහුවොත් චතුරිකා ගැන මොනාකියයිද?
         ''එයාගේ ජීවිතේ හොද support එකක් උනා කියයි...උයන්නේ නෑ කියයි..හැමදෙයක්ම හොදට බලලා මොලේ කල්පනා කරලා වැඩ කරනවා කියයි...එයාටයි දෝණිටයි ගොඩාක් ආදරෙයි කියයි...."
●දෝණිගේ වයස කීයද?
      '' අවුරුද්දයි මාස හතයි....''
●දෝණිගෙ හිතේ අම්ම ගැන කොයිවගේ අදහසක් ඇතිද?
      ''එයා මට හරිම ආදරෙයි එයා කැමති නෑ කාත් එක්කවත් මාව SHARE කරගන්න...සමහර වෙලාවට මම ටෙලිනාට්‍ය වල අඬනකොට එයත් අඬනවා ඒ වෙලාවට අපි TVඑක OOF කරනවා....එයා හරිම Sensitive...හරිම ආදරණීයයි...අපි දෙන්නගෙම ගතිගුණ තියෙනවා...අප්පච්චිට වගේ ටිකක් තරහ යනවා...මං වගේ නිදාගන්න කැමති...පෙනුම කොන්ඩේ සේරම අප්පච්චි වගේ ...මූණ නහය කට තොල් මං වගේ...ගයාන් කන්න කැමති දේශීය ආහාර නමුත මෙයා කන්න කැමති මං වගේ චීස්,පාන්,බටර් වගේ දේවල් තමා එයා කන්න කැමති...ගයාන් සමහර වෙලාවට කියනවා මං වගේ උනාට වැඩක් නෑ ගතිගුණ සේරම අම්මගේ වගේ කියනවා...''
●කවුද චතුරිකා පීරිස් කියන්නේ...?
     '' චතුරිකා පීරිස් කියන්නේ... බොහොම සැහැල්ලුවෙන් ඉන්න කැමති...කිසිම ප්‍රශ්නයක් ඔළුවට ගන්න කැමති නැති කෙනෙක් මොකද මට අපු ප්‍රශ්ණ මම ඔළුවට ගත්තනම් මේ වෙද්දි මම ඉන්න ඕන අංගොඩ...මම කරන්නේ මට දැනෙන දේ...මේ දේවල් වෙන්නෙ අපි කරපු පිං පව් අනුව කියලා තමයි මම හිතන්නේ....අපිට දෙයක් වෙන්න තියෙනවානම් ඒක නවත්වන්න බෑ....ගයානුයි මමයි කලින් විවාහ වෙලා අයින් උනා...ඒ කර්මට අනුව වෙන දේවල්....නිදහසේ ජීවත්වෙන්න බොහොම කැමති කෙනෙක් මම....''
●ඔබට ඔබගේ අම්ම ගැන දැන් ඔබ මවක් විදිහට දැන් මොකද හිතෙන්නේ...ඔබ ගැන මොකද හිතෙන්නේ...?
        ''මවක් කියන කාර්යභාරය දැන් කොයිවගේද කියලා දැනෙනවා...මොකද මවක්වෙන එක ලේසි නෑ...දුවෙක් ඉන්නකොට මවකට බරවැඩී...මගේ අම්මා රැකියාවක් කරගෙන මාවයි නංගිවයි බලාගත්තා....මගේ අම්මලා මටයි මගේ නංගිටයි උපරිම දේවල් දුන්නා...මමයි නංගී කවදාවත් බස් එකක ඉස්සර ගිහින් තිබුනේ නෑ...මායි මගේ නංගි කියන්නේ ගොඩාක් සැපපහසුකම් එක්ක හැදුනු දෙන්නෙක්...''
●රටේ පවතින තත්ව එක්ක දුවෙක් හදනකොට මොනාද මේ බලපාන ප්‍රධාන ප්‍රශ්න...?


''පළවෙනිම දේ තමයි ආරක්ෂාව කියනදේ....ඊළඟට බලන්න ඕන මේ දරුවා කාවද ආශ්‍රය කරන්නේ කියලා...ළමයා ඉදිරිපිට දෙමව්පියන් හැසිරෙන්නේ කොහොමද කියන හැමදේම බලපානවා දරුවාගේ වර්ධනයට....මේ සමාජයේ වෙන දේවල් හදන්න කලින් මිනිසුන්ගේ ආකල්ප හදන්න ඕන...''
●මේ දින වල බොහෝ වැඩිහිටියන් වගේම දරුවනුත් මේ phone addiction වෙලා ඉන්නවා...කොහොමද දුවගේ phone addiction එක...?
       ''බොරු කියන්න ඕන නෑ....අපි හැමෝම phone addiction වෙලා ඉන්නවා..අපේ දෝණි හම්බුවෙන්න ඉද්දිත් අපි phone  එකෙන් film එහෙම බැලුව ඒ දේවල් කලා....එයා ඉපදිලා සති දෙකෙන් selfie එකටත් ඉන්නවා හොදට ඒ දේවල් එයාට කියලා දීලා නෙවෙයි ඒ....අපි දැන් ගොඩාක් වෙලාවට එයාගෙන් phone එක අයින් කරන්න හදනවා...නමුත් කොහේ හරි ගියහම තියාගන්න ඕන නිසා phone එක දෙන්නත් වෙනවා....''
●ඔබ කොරෝන වලට බිලි වෙච්ච කෙනෙක්....මොකද හිතෙන්නේ මේ තත්වය ගැන ඔබට..?
        '' මට හැදිච්ච කාලෙට වඩා දැන් කොරෝනා වල ප්‍රබේද වෙනස් වෙලා තියෙනවා....ඒකේ බයානකකම වෙනස් වෙලා තියෙනවා....මේ අපිව දැනුවත් කරන රෝග ලක්ෂණ වලින් කුමක් හෝ තියෙනවනම් මම කියන්නේ අදාල අය දැනුවත් කරන්න කියන්න කියලා....මේ වෙලාවේ මේ කොවිඩ් කියන්නෙ HIV වගේ බය වෙලා ගෙවල් වල හැංගිලා ඉන්න එක නෙවෙයි...අනිත් දේ තමයි මේක බයානකයි කියලා මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕන මිසක් මිනිස්සුන්ව බය කරන්න හොද නෑ මේ වෙලාවේ....මේ දේ අපේ රටේ විතරක් නෙවෙයි මේ මුළු ලොකෙට බලපාන දෙයක් මේක....අපි හැමොම පරිස්සම් වෙන්න ඕන...මේ දේ හැදෙන්නේ නෑ කියන්න බෑ කාටවත්ම...''
● මේ Cyber bullying කොහොමද ඔබ දකින්නේ...ඔබ Cyber bullying වලට ලක්වෙච්ච කෙනෙක්ද?
           ''මම Cyber bullying වලට ඕන තරම් මූණදීලා තියෙන කෙනෙක් .....තාමත් Cyber bullying වලට මුහුණ දෙනවා...මම දැන් ඇත්තටම ඒක ගනන් ගන්නේ නෑ....ඒ දේවල් කරන මිනිස්සුන්ට අපි අනුකම්පා කරන්න ඕන...''
●ඔබත් මේ කාන්තාවක් විදිහට ගොඩාක් කාන්තාවන් තමන්ගේ රැකියාව අතහරිනවා ස්වාමියාගේ බලපෑමට හෝ මේ සමාජයේ මතයන් මත මේ ගැන ඔබ කියන්නේ කුමක්ද?
         ''ඒක එක එක්කෙනාට වෙනස් වෙනවා....මොකද මම දැකලා තියෙනවා   ස්වාමියාගේ බලපෑමට මේ දේවල් කරනවා...සමහරක් අය ඉන්නවා තමන්ම අනේ මට බෑ කියලා මේ දේ නවත්වනවා....තමත් සමහරක් අය ඉන්නවා තමන්ගේ දේවල් කරගෙන හැමදේම සමබරව කරගෙන යනවා...මමත් එහෙම කෙනෙක්....අනිත් දේ තමයි මට ගයාන්ගෙන් හොද SUPPORT එකක් ලැබෙනවා...''
●ජීවිතේ ගත්ත ලොකුම challenge එක මොකක්ද ?
        ''ජීවිතේ මම challenge කීපයක් අරන් තියෙනවා....පළවෙනි එක තමයි මේ ක්ෂේත්‍රයට ආපු එක මොකද මම කැමැත්තෙන් ආපු දෙයක් නෙවෙයි....ඊළඟ එක තමයි මම ගයාන් එක්ක ජීවිතේ ගත කරන්න පටන් ගත්ත දවස...සමාජයෙන් ආව ප්‍රශ්න නිසා තමයි මේ....හැබැයි දැන් මේ සේරම පසු කරගෙන මට ඉදිරියට යන්න පුළුවන් හොද මාර්ගයක් දැන් හැදිලා තියෙනවා....''
●දෙවනි කසාදයකට යන ඔබත් ගයානුත් මේ ජීවිතේ සාර්ථක කරගන්න මොනවද කරන්නේ...?
       ''තේරුම්ගැනීම සහ අනයෝන්‍ය විශ්වාසය තමයි මූලිකම දේ....ඒ දෙක ප්‍රබලවම තියෙන්න ඕන....මේ විවාහය කියන්නේ දෙදෙනෙක් එකතු වෙන එක....එකිනෙකා ආස දේවල් තේරුම්ගන්න ඕන...අපි කෙනෙකුට ආදරේ කරනව කියන්නේ මේක එපා අරක එපා කියලා නීති දාන එක නෙවෙයි...මම උනත් ගයාන්ට කියලා තියෙන්නේ ඔයා තේරුම් ගන්න...එයාගේ ජීවිතේනේ මේ....මේ ඉන්න කාලේ අපි දෙන්නා සතුටින් ඉන්නවා මොකද අපි අවුරුදු 100ක් ජීවත්වෙන්න ඇවිල්ලා නෑ....කසාදයක් කැඩෙන්නත් මේ දේවල් බලපානවා...එකිනෙකාගේ ආත්ම ගරුත්වය රකින්න ඕන හැමවෙලේම...මේ දෙවල් හදාගෙන ඉදිරියට යන්න පුළුවන්නම් සාර්ථකව ජීවත්වෙන්න පුළුවන්....''