
2.15 pm update
හෙට (13) රාත්‍රී 11 සිට සඳුදා (17) අලුයම 4 දක්වා මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
එළවළු, පලතුරු ප්‍රවාහනය සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යා හැකි බව ඔහු කියා සිටියේය.
එසේ වුවද එම කාලය තුළ දී බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වන එන්නත්කරණ වැඩසටහන දිගටම ක්‍රියාත්මක කෙරෙන බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සංචරණ සීමාවන් අත්‍යාවශ්‍ය සේවා සහ ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා බලනොපැවැත්වෙනු ඇත.
----------------
OLD NEWS
12.45 pm update
අද (12) සිට මැයි 31 වනදා දක්වා සෑම දිනකම දිනපතා රාත්‍රී 11.00 - අලුයම 4.00 දක්වා කාලය තුළ දිවයින පුරා පූර්ණ සංචරණය සීමා පනවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව එම කාලය තුළ ගමනාගමන කටයුතු සඳහා අවසර හිමිවන්නේ අත්‍යවශ්‍ය සේවා සහ ආහාර ද්‍රව්‍ය බෙදාහැරීමේ කටයුතු සඳහා පමණක් බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.
(මෙය ඇඳිරි නීතිය ලෙස හඳුන්වා නැති නමුත් ඊට සමාන තත්වයකි)