ගම්පහ කළුතර හා යාපනය දිස්ත්‍රික්ක තුනේ තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා (Lockdown) කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එසේම කුරුණෑගල හා අම්පාර දිස්ත්‍රික්ක දෙකේ වසම් කිහිපයක සිංහල අවුරුදු සමයේ පැනවූ හුදෙකලා කිරීම් ඉවත්කර ඇත.



වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කළ වසම් පහත පරිදිය.
ගම්පහ දිස්ත්‍රික්කය
වත්තල පොලිස් බල ප්‍රදේශය

● කෙරවලපිටිය ග්‍රාම නිලධාරී වසම
● වත්තල හේකිත්ත ග්‍රාම නිලධාරී වසම
● පල්ලියවත්ත දකුණ ග්‍රාම නිලධාරී වසම

 මහබාගේ පොලිස් බල ප්‍රදේශය
● කෙරගපොකුණ ග්‍රාම නිලධාරී වසම
● ගල්උඩුපිට ග්‍රාම නිලධාරී වසම
● මත්තුමගල ග්‍රාම නිලධාරී වසම

කළුතර දිස්ත්‍රික්කය
 කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශය

● නාගොඩ දකුණ ග්‍රාම නිලධාරී වසමේ විජිත මාවත
● විද්‍යා සාගර ග්‍රාම නිලධාරී වසමේ බෝසිරිපුර කොටස
● මහ වස්කඩුව ග්‍රාම නිලධාරී වසම

මතුගම පොලිස් බල ප්‍රදේශය
● යටදොලවත්ත බටහිර ග්‍රාම නිලධාරී වසම

යාපනය දිස්ත්‍රික්කය
 කොඩිකාමම් පොලිස් බල ප්‍රදේශය

● කොඩිකාමම් මධ්‍යම සහ කොඩිකාමම් උතුර යන ග්‍රාම නිලධාරී වසම



----------------------

අම්පාර, උහන පොලිස් බල ප්‍රදේශයේ කුමාරිගම ග්‍රාම නිලධාරී වසමේ හුදකලා බව ඉවත් කර ඇත.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී වසම් 82 අතුරෙන් ග්‍රාම නිලධාරී වසම් 19 ක් හැර ඉතිරි ග්‍රාම නිලධාරී වසම් 63 හුදකලා බවින් ඉවත් කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ තවදුරටත් හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම් ලැයිස්තුව පහත පරිදි වේ.

●The Kuliyapitiya Town GN Division,
●Assadduma GN Division,
●Meegahakotuwa GN Division,
●Dikhera GN Division,
●Deegalla GN Division,
●Kabalewa GN Division,
●Kirindawa GN Division,
●Anukkane GN Division,
●Ihala Kalugamuwa GN Division,
●Weralugama GN Division,
●Thabbomulla GN Division,
●Dandagamuwa East GN Division,
●Dandagamuwa West GN Division,
●Madakumburumulla GN Division,
●Ihala Weerambuwa GN Division,
●Pahala Weerambuwa GN Division,
●Kongahagedara GN Division,
●Thummodara GN Division
●Ketawalagedara GN Division