තවත් ප්‍රදේශ කිහිපයක්  අද (මැයි 03 සදුදා) උදෑසන සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.


මෙම ග්‍රාම නිලධාරි වසම් වන්නේ,

  • කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක පොලිස් බලප්‍රදේශයේ - උග්ගල්ල ග්‍රාම නිලධාරි වසම
  • ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බලප්‍රදේශයේ අල්විස් වත්ත ප්‍රදේශය ග්‍රාම නිලධාරි වසම
  • කළුතර දිස්ත්‍රික්කයේ පානදුර දකුණ  පොලිස් බලප්‍රදේශයේ -පිංවත්ත, නාරම්පිටිය හා පිංවත්ත බටහිර ග්‍රාම නිලධාරි වසම්
  • කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම පොලිස් බලප්‍රදේශයේ -බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
  • නුවර එළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත පොලිස් බලප්‍රදේශයේ- රත්මැටිය ග්‍රාම නිලධාරි වසම
  • මඩකලපුව දිස්ත්‍රික්කයේ , මන්මුනෙයි උතුර පොලිස් බලප්‍රදේශයේ තිස්සවීරසිංගම් චතුරස්‍රය ග්‍රාම නිලධාරී වසම