
ප්‍රකට පාතාල නායකයෙකුවූ කොස්ගොඩ තාරක පොලිස් වෙඩි පහරින් මියගොස් ඇත.
අපරාධ රැසකට සම්බන්ධ ධර්මකීර්ති තාරක පෙරේරා විජේසේකර නොහොත් කොස්ගොඩ තාරක බස්නාහිර උතුර අපරාධ පොලිස් අත්අඩංගුවේ සිටියදී අද උදෑසන මීරිගම රේන්දපොළ විශේෂ මෙහෙයුමක් සඳහා ගෙනගොස් සිටියදී පොලිසිය සමග ගැටුමක් ඇති කරගෙන මියගොස් ඇතැයි පොලිසිය දන්වයි.
ගිනි අවි මගින් බලය පාවිච්චිකරමින් ගැටුමක් ඇතිකරගෙන තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය දන්වයි. මෙම සිද්දියේදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුද තුවාල ලබා ඇතැයි දන්වා තිබේ.
මේ ගැන අත්තනගල්ල අධිකරණය වෙත වාර්තා කරන බවද පොලිසිය දන්වා ඇත.
වයස 34 ක්වූ කොස්ගොඩ තාරක මනුෂ්‍ය ඝාතන 07 ක් හා කොල්ලකෑම් 21 ක් සම්බන්ධ සැකකරුවෙකි.
මාතර නිලේකා ජුවලර්ස් කොල්ලය සම්බන්ධ ප්‍රධාන සැකකරුද වන ඔහු එහිදී පොලිස් නිලධාරියෙකු ඝාතනය කළේය.
මේ ගැන නි.පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා කරුනු හෙලි කරේ පහත පරිදිය.
Comments
Post a Comment
Your comment will be visible after approval