kingsly-sudewa

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත් කෙරුණු ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි සහ මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහත්වරු අද (03) පෙරවරුවේ සිය ධූරයන්හි රාජකාරී ආරම්භ කළහ.


කොළඹ කොටුව, ජනාධිපති මාධ්‍ය අංශ පරිශ්‍රයේදී ආගමික වතාවන්ට  මුල්තැන දෙමින් නව ධූරයන්හි රාජකාරී භාර ගැනීම සිදුවිය.

මිරිසවැටිය විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමි, ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි හිමි, මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි, පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද කළහ.
මෙම අවස්තාවට ඇවන්ට් ගාර්ඩ් සභාපති නිශ්ශංක සේනාධිපති ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක යන අයද එක් වූහ.