මාර්ගයක ඇද වැටී සිටිය දී ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය පුද්ගලයෙක්, පසුව සිදුකරන ලද පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන ඇත.



එසේ මියගොස් ඇත්තේ වෙන්නප්පුව - බුජ්ජම්පොළ පදිංචිව සිටි 50 හැවිරිදි අයෙකි.

ඔහු පොල් කැඩීම තම ජීවන වෘත්තිය ලෙස සිදුකර ඇත.

පසුගිය 02 වනදා සවස ඔහු වෙන්නප්පුව-බුජ්ජම්පොළ ප්‍රදේශයේ මාර්ගයක වැටී සිටියදී 1990 ගිලන් රථයක ආධාරයෙන් ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබුණි.

නමුත් රෝහල්ගත කර සුළු වේලාවකින් ඔහු මියගොස් ඇත.