kandy-hospital-covid19

මහනුවර මහ රෝහලේ මෘත ශරීරාගාරයේ කොවිඩ් මළ සිරුරු තැත්පත් කරන අධි ආරක්ෂිත අංශයේ මළ සිරුරු 16ක් ගොඩ ගැසීම හේතුවෙන් රෝහල් සෞඛ්‍ය බලධාරින් දැඩි අපහසුතාවයකට පත්වී ඇති බව වාර්තා වේ.



එම මළ සිරුරු එසේ ගොඩ ගැසීමට හේතු වී ඇත්තේ මළ සිරුරුවල අයිතිකරුවන්ද නිරෝධායනයට ලක්වීම හේතුවෙන් එම මළ සිරුරු හඳුනා ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීම බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බවට සැක රෝගීන් දෙනිකව මහනුවර ජාතික රෝහලට 15 - 20 ත් අතර ප්‍රමාණයක් ඇතුළත් වන බවත් ඔවුන් වෙනුවෙන් වෙන්කර ඇත්තේ ඇඳන් 30ක් පමණක් බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙයින් කිසිවකු හෝ කොවිඩ් රෝගියකු බවට හඳුනා ගැනීමෙන් පසු තෙල්දෙණිය හා කටුගස්කොට කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමුකිරීමට පියවර ගත්තත් රෝගීන්ට අවශ්‍ය ඇඳන් පහසුකම්වල විශාල අඩුවක් තිබෙන බවද රෝහල් ආරංචි මාර්ග කියා සිටී. කටුගස්තොට රෝහලේ ස්ථාපිත කොට ඇති කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය කුඩා දරුවන්ට හා ගැබිනි මව්වරුන්ට ප්‍රතිකාර කිරීමට මූලිකත්වය දී කටයුතු කරන බව ද රෝහල් ප්‍රකාශකයා පැවසීය.
 (මහනුවර ෂේන් සෙනෙවිරත්න)