johnston-speaks

කොවිඩ් මර්දනය සඳහා අවශ්‍ය උපකරණ මිලදී ගැනීමට ආධාර කරන්නැයි කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඉල්ලා සිටියේ ඇය මේ දිනවල මානසික ආතතියකින් පෙළෙන නිසා බවත්
රජයට එවැනි මුදල් හිඟයක් කිසිසේත්ම නැතැයි තමන් වගකීමෙන් ප්‍රකාශ කරන බවත් ආණ්ඩු පක්ෂයේ
ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. 



"එතුමිය මං හිතන්නේ ඉතාමත් සංවේදී කතාවක් කරන්නේ. එතුමිය මටත් පේනව ගොඩක් ස්ට්‍රෙස් මේ
ප්‍රශ්නෙත් එක්ක. සාමාන්‍යයෙන් ඕනෙම ඇමතිවරයෙක් ඔය වගේ ප‍්‍රශ්නයක් අහපුවාම ජනතාවගේ
සහයෝගය ගන්න, ජනතාව අවදිකරවන්න, ජනතාව දැනුවත් කරන්න කතා කරන්නෙ. දැං ඉන්දියාව ගැන
පෙන්නුවෙ නැත්නම් අද අපේ අය කොහෙද ඉන්නෙ ? ලොක්ඩවුන් කරන්න නෙමෙයි එහෙනං අපේ අය තාමත්
පාටි දම දමා ඉන්නෙ. ඒක තමයි ඇත්ත තත්වය. එනිසා සංවේදී විදිහට එතුමිය ඉල්ලන්නෙ. ඇමතිවරු මයික්
එකක් ඇල්ලිවාම ඔය වගේ දේවල් කියනවා. නමුත් මම ඉතාම වගකීමෙන් කියනවා මුදල් ප‍්‍රශ්ණයක් රජයට
නෑ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාවේ පැවති දේශපාලන
සංවාදයකට එක්වෙමිනි.