
ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල මේ වර්ෂයේදී පැවැත්වීමේදී දැඩි අර්බුදයක ජපානය පසුවුවද, එය සාමාන්‍ය පරිදි පැවැත්වීමේ හැකියාවක් ලැබෙනු ඇතැයි ලෝක මලල ක්‍රීඩා සම්මේලනයේ සභාපති සෙබස්තියන් කෝ පවසයි. ඔහු පවසන්නේ මෙවර ක්‍රීඩා උළෙල පැවැත්වීම පිළිබඳ විශ්වාසයක් තමන්ට ඇති බවයි. “ඔව් අපි එය පැවැත්විය යුතුයි. අපිට එය සුරක්ෂිතව පැවැත්වීමට හැකියාවක් ඇතැයි විශ්වාස කරනවා.
මම ඒ සම්බන්ධයෙන් ආඩම්බරයෙන් පසුවෙන්නේ නැහැ, නමුත් මම හිතනවා මේ සඳහා නිසි වැඩපිළිවෙළක් ඇති කියලා” යැයි හෙතෙම පවසයි.
එළඹෙන ජූලි 23 වැනිදා සිට අගෝස්තු 08 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ඉසව්වක් ලෙසින් මලල ක්‍රීඩා ඉසව් හැඳින්විය හැක.කෙසේ වෙතත් පසුගිය වර්ෂයේදී පැවැත්වීමට නියමිතව සිට කල් දැමුණු ඔලිම්පික් උළෙල මෙම වර්ෂයේදීද පැවැත්වීමේ අර්බුදයකට ජපානය මුහුනුපා ඇත්තේ 'කෝවිඩ්-19" සිවුවැනි රැල්ල පැතිරයාමත්සමගිනි. එහි උච්චතම අවස්ථාවක් සනිටුහන් කරමින් - පසුගිය මැයි 09 වැනිදා ආසාදිතයන් අටදහසකට ආසන්න සංඛ්‍යාවක් ජපානයෙන් වාර්තා විය. එමෙන්ම ඉකුත් මැයි 12වැනිදා මරණ 123ක්ද වාර්තා විය.මේ අතර ස්තානයේ පසුගියදා පැවැත්වූ මනමසුමකින් අනාවරණය වූයේ ස්තානයේ වැසියන් 80ක්ම ඔලිම්පික් උළෙල මෙම වර්ෂයේදී පැවැත්වීමට අකමැති බවයි. ඒ මෙම තරගාවලිය පැවැත්වීමට තවත් - සති 10ක පමණ කාලයක් ඉතිරීව තිබියදීය.
(ඕෂිත වරකපිටිය)
Comments
Post a Comment
Your comment will be visible after approval