අපි අද කතා කරන්න යන්නේ 2021 මැයි 15 වෙනිදා පස්සේ තවමත් privacy policy update එක update කරලා නැති කට්ටියට සිද්ධ වෙන්නේ මොකක්ද කියන එක ගැන. ඉතින් මේ ගැන කතා කරන්න කලින් සරලවම කියන්න අවශ්‍යයි මේ වෙද්දි whatsapp කියලා කියන්නේ ෆේස්බුක් අයතනය විසින් 2014 දී ගත්ත ඇප් එකක්.  ෆේස්බුක් මව් සමාගම යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් විදිහට ඇප් එකක් විදිහට තමයි whatsapp දැන් ක්‍රියාත්මක වෙන්නේ .ඒ වගේම තමයි instagram app එකත් අපි කවුරුත් පාවිච්චි කරන ෆේස්බුක් ආයතනයට තමයි අයිති වෙන්නේ. මේ වෙනකොට ඔයාට අමතක වෙලා නම් තියෙන්නේ මොකක්ද මේ සිද්ධ වුනේ 2021 ජනවාරි මාසේ කියලා බොහොම කෙටියෙන් ඒක පැහැදිලි කරන්නම්.



 2021 ජනවාරි මාසෙදි whatsapp වල privacy policy එකේ අප්ඩේට් එකක් සිද්ධ වුණා .මේ හරහා මෙයාලා කියපු දෙයක් තමයි whatsapp වලින් එකතු කරගන්නා ඔයාගේ ෆෝන් එකේ දත්ත සහ තවත් පෞද්ගලිකත්වයට යම්කිසි විදිහකට විදහා දක්වන දත්ත ෆේස්බුක් මව් සමාගම සහ ඒ යටතේ තියෙන අනිකුත් apps අතර ෙයාදා ගැනීමට කැමැත්ත පළ කරන්න කියන එක. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ දේවල් ඇප් එකක් ඉන්ස්ටෝල් කරද්දි සමහරක් විට කියවන්නෙත් නැති දේවල්.  හැබැයි මේක හැම දෙනාගෙම අවධානයට ෙයාමු වෙන්න ප්‍රධානම හේතුව වුණේ මේ විදිහට ජනවාරි මාසේ ආපු අප්ඩේට් එක පෙබරවාරි මාසේ 8 වෙනිද වෙද්දි ඇක්සෙප්ට් කරේ නැත්තං ඔයාගේ වට්ස්ඇප් ක්‍රියාවිරහිත වෙලා ඊට පස්සේ account එක delete වෙනවා කියලා වට්ස්ඇප් ආයතනයෙන් මේ update එක හරහා දැනුවත් කිරිම.
 
 ඉතින් මේක යම්කිසි ආකාරයකට ඉතාමත් දැඩි විදිහට user බල කිරීමක් මේ privacy policy එකට එකඟ වෙන්න කියන එක. මේ නිසා ගොඩක් දෙනෙක් හැම තැනම කතාබහට ලක්වුනා මේක ගැන ලෝකෙ.  ඒ වගේම තමයි තමන්ගේ privacy එක ගැන ගොඩක් හිතපු කට්ටිය මේ whatsapp වලින් අයින් වෙලා telegram වගේ platform දහස් ගණනින් මිලියන ගණනින් යන්න පටන් ගත්තා. මේ වගේ පරිසරයක් තුළ whatsapp ආයතනය ඊට පස්සේ කියපු දෙයක් තමයි මේකට තවත් කල් ලබා දෙනවා .ඒ වගේම තමයි ඒ තුළ ඔවුන් කැම්පේන් එකක් පටන් ගත්තා වට්ස්ඇප් එකවුන්ට් එකක් හැටියට ඔයාගේ සිස්ටම් එක තුළින් messages පවා එයාලා එවන්න පටන් ගත්තා. මේ හරහා මේ privacy policy update එක හරහා මොකද්ද සිද්ධ වෙන්නෙ කියන එක තමයි මෙයාල දැනුවත් කරන්න පටන් ගත්තේ.


මේ විදිහට දින ටිකෙන් ටික පහුකරමින් 2021 මැයි 15 වෙනකන් whatsapp ආයතනය වෙලාව ලබා දුන්නා මේ විදියට තමන්ගේ අප්ඩේට් කරපු policies වලට accept කරන්න users ලට කාලේ ලබාදෙමින් .මේ වෙනකොටත් ඔයා මේ privacy policy එක update එක ඇක්සෙප්ට් කරලා නැත්නම් තවමත් ඔයාට whatsapp එක පාවිච්චි කරන්න පුළුවන් සමාන්‍ය විදිහටම. හැබැයි මැයි 15 වෙනිදායින් පස්සේ ඔයාගේ ප්‍රධානවම whatsapp සීමාසහිත විදිහට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඉතින් මෙතනදි දීලා තියෙන නිවේදනය තමයි මේ හරහා මැයි පහළොවෙන් පස්සෙ පළවෙනියටම agreement එක accept කරලා නැති users ගෙ wathsup වල chat list එක access කරන්න බැරි වෙනවා කියන එක .



ඉතින් මේ හරහා ඔයාට තාමත්  කිසි කෙනෙක් මැසේජ් එකක් එව්වොත් නැත්නම් කෝල් එකක් ආවොත් සාමාන්‍ය විදිහට notification එක එනවා. හැබැයි ඔයාට චැට් කරන්න බැහැ. ඒ වෙනුවට video, audio ලබාගන්න පුළුවන් .ඒ වගේම තමයි එතනින් එහාට ගියාම ඔයාට මේ විදිහට notification ලැබෙන සහ video, audio call ලබා ගැනීම පවා කරගන්න බැරි වෙනවා .ඉතින් මේ හරහා යම් කිසි විදිහකට දැඩි විදියට තමයි ආයතනය මේකට users ලට දැනෙන්න සලස්වන්නේ .ඔයා තවමත් update කරල නැහැ privacy policy එක එක accept කරන්න අවශ්‍යයි කියන එක .ඉතින් මේ privacy policy එක කොච්චර භයානක ද එහෙම නැත්නම් මේ ගැන ඔයා වදවෙන්න අවශ්‍යද මේක ඔයා ඇක්සෙප්ට් කරනවද නැද්ද කියන එක ගැන ලංකාවෙ youtubers ලා ගොඩක් කතා කරලා තිබ්බා ඉතින් මේකෙ පළවෙනි වීඩියෝ එකේදි මමත් මේ ගැන කතා කරනවා.  ඒ වගේම තමයි මේ හරහා අපිට කතා කරන්න කතාබහට එකතු කරන්න අලුත් දෙයක් තියෙනවා. ඒ තමයි ඔයා, මම ෆෝන් එකක් සල්ලි දීල අර ගත්තට අපේ ස්මාට් ෆෝන් එක ඊට පස්සෙ ඒකෙ අපේ contact list එක අපේ අඳුරන කට්ටිය වුණාට මෙතනදී අපිට වෙනත් පාර්ශවයකින් ලබා දෙන  ඇප් එකේ privacy policy එක update කරන්නේ නැති නිසා අපිට  තියන සම්බන්ධතාවයන් පවත්වා ගන්න අපි මුදල් දීලා ලබා ගන්න ෆෝන් එකකින් බැරි වෙනවා.

 ඒක සාමාන්‍යයෙන් button phone එහෙකට ගිහිල්ලා සාමාන්‍ය කෝල් එකක් ලබා ගන්නවා නම් යම්කිසි විදිහකට අපි තවමත් විවෘතයි කියලා කියන්න පුළුවන් . හැබැයි මේ වෙද්දි ගොඩක් දෙනෙක් යොමු වෙලා ඉන්නවා මේ වගේ ඇප් එකක් හරහා මේ වගේ limitation එකක් ලබාදීම අපේ අනාගතය ගැන අපේ අනාගත ලෝකෙ ගැන යම්කිසි විදියකට ඉඟි කිරීමක් කියලා කියන්න පුලුවන් .සමහර විට මේ විදියට නොමිලේ ලබා දෙන සේවාවන් අන්තර්ජාල සේවාවන් විශේෂයෙන්ම අපි හිතමු gmail වගේ දෙයක් එතනින් එහාට තව කාලයක් ගිහිල්ලා අනිවාර්යෙන්ම මාසෙකට ගානක් ගෙවන්න ඕනි කියල කිව්වොත් eco system එකට හුරු වෙලා ඉන්න අපිට එතනින් එහාට option එකක් නැති වෙනවා .

ඉතින් මේ වගේ ගොඩක් දේවල් තියනවා මෙතැනදි gmail වලින් එහෙම කිසිම දෙයක් නැහැ .මම උදාහරණයක් විදිහට කිව්වේ. හැබැයි අනිවාර්යෙන්ම හිතන්න දෙයක් තියෙනවා මේ විදියට නොමිලේ ලබා දෙන සේවාවන් වලට අපි කොච්චර හුරු වෙලා ඉන්නවද ඒව නැතුව බැරි දේවල් බවට පත්වෙලා තියෙනවා .මේ වෙද්දි ඉතින් මේ වෙනකොටත් ෆේස්බුක් පාවිච්චි වෙනවා නම් ඔයාගේ මොබයිල් එකේ massenger  install කරගෙන ඉන්නවනම් ඔයා නොදන්න හැබැයි ඉතාම විශාල ඔයාගේ පෞද්ගලික දත්ත ප්‍රමාණයක් මේ ආයතන විසින් ලබාගන්නවා. ඉතින් මේ විදිහට හදාගන්න digital profile එක හරහා තමයි ඔයාව තවත් තප්පරයක්, විනාඩියක්, තවත් විනාඩි 5ක් තවත් පැයක් මේ app එකට ඇදබැඳ තියාගන්න මේ දැවැන්ත artificial intelligent නෙට්වර්ක් ක්‍රියා කරන්නේ. ඉතින් මේකටම තමයි whatsapp usage එක හැමවෙලේම active විදියට ෆෝන් එකේ බොහෝවිට පාවිච්චි කරනවා  whatsapp හරහාත් අපේ දත්ත මේගොල්ලොන්ට අවශ්‍ය වෙන්නේ. මේ වෙද්දි ගොඩක් දෙනෙක් facebook හරහා තමයි බිස්නස් කරන්නේ. ඉතිං ඒ වගේ වටපිටාවක් තුළ අපිට මේ ගැන හිතන්න මම හිතන්නේ ගොඩක් දේවල් තියෙනවා.