
විදේශගතව සිට මෙරටට පැමිණෙන සියලු පුද්ගලයින් දින 14ක කාලයක් නිරෝධායනයේ යෙදීම අනිවාර්ය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත
මින් ඉහත එය දින 07 දක්වා අඩු කර තිබූ අතර මේ නිසා විදෙස් වලින් පැමිණෙන අය හරහා වෛරස රටට ව්‍යාප්තවීමේ අවදානමක් පැවතිණි.
රටේ පවතින වත්මන් කොවිඩ් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මැයි මස 31 වෙනිදා දක්වා විදේශගතව සිට පැමිණෙන සියලු පුද්ගලයින්ගේ නිරෝධායන කාල සීමාව වෙනස් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් මෙම විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙ.
ඒ අනුව මෙරටට පැමිණෙන ශ්‍රී ලංකික පුරවැසියන්, විදේශිකයින්, රාජතාන්ත්‍රික නිලධාරින් දින 14 ක නිරෝධායන කාල සිමාවට යටත් වන බව එම චක්‍රලේඛයේ සඳහන්ව ඇත.
එමෙන්ම යම් හෙයකින් මෙලෙස පැමිණෙන පුද්ගලයින් කොවිඩ් ආසාදිතයෙක් ගේ සමීප ආශ්‍රිතයෙක් බවට හඳුනා ගනු ලැබුවහොත් නිරෝධායන කාල සීමාව දීර්ඝ කෙරෙන බව නව උපදෙස් මාලාවේ සඳහන්ව ඇත .
විදේශගතව සිට පැමිණෙන වයස අවුරුදු 02 ට අඩු දරුවන්ව PCR පරීක්ෂණයට ලක් නොකරන බව එහි දැක්වෙ.
මේ අතර කොවිඩ් මර්ධන එන්නත් 02කම ලබාගෙන සිටින පුද්ගලයින්වද දින 14ක කාලයක් නිරෝධායනයට ලක් වීම අනිවාර්ය වනු ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටි.
Comments
Post a Comment
Your comment will be visible after approval