homagama-mahinda-rajapaksa-best-results

මෙවර උසස් පෙළ විභාගයෙන් තාක්ෂණ විෂය සඳහා ඉහළ සාමාර්ථ ලබා ගත් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ නවිනි රවිෂ්කා සිසුවිය සහ භානුක වික්‍රමසිංහ සිසුවාට අරලියගහ මන්දිරයට පැමිණ ප්‍රතිඵල ප්‍රකාශ කරන්නට  අග්‍රාමාත්‍යතුමා අවස්ථාවක් ලබාදී තිබේ.




නවිනි රවිෂ්කා සිසුවිය ජෛව පද්ධති තාක්ෂණ විද්‍යාව විෂය ධාරාවෙන් දිවයිනේ දෙවන ස්ථානය ලබා ගෙන ඇති අතර භානුක වික්‍රමසිංහ සිසුවා ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ සිව්වන ස්ථානයට පත්ව තිබේ.
 හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ අද වන විට  සිසු සිසුවියන් 6800ක් එහි අධ්‍යාපනය ලබන අතර  ගුරුවරුන් 315 දෙනෙක් සේවයේ නිරතව සිටිති.
මෙම අවස්ථාවට විදුහල්පති එම්.ආර්.ඩී.කසුන් ගුණරත්න අමාත්‍ය බන්දුල ගුණවර්ධනෙ සහ දරුවන්ගේ  දෙමව්පියෝ  සහභාගී වූහ.