
පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ලබාදෙන රසායනාගාර ධාරිතාව ඉක්මවායාම නිසා ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 තුළ පීසීආර් පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවන්නට සිදුව ඇති බව අද (17) සවස වාර්තා විය.
පීසීආර් පරීක්ෂණ පසුගිය 06 වැනදාට සිට මේ දක්වා 2000 කට අධික සංඛ්‍යාවක ප්‍රතිඵල ප්‍රමාදවී ඇති අතර මේ හේතුවෙන් නිරෝධායනය අවසන් කර නැවත යථා ජීවිතයට පිවිසීමට අපේක්ෂාවෙන් පසුවන විශාල පිරිසක් තීරණයක් ගත නොහැකිව සිටින බව වාර්තා විය. ඇතැමුන් දින 14 ඉක්මවා දින 20 කට ආසන්න කාලයක් ප්‍රතිඵල අපේක්ෂාවෙන් නිරෝධායනය වෙමිනි සිටින බවද පැවසිණි.
වෛද්‍ය රසායනාගාරවල සාම්පල ගොඩ ගැසී ඇති වාතාවරණය තුළ සාම්පල කල් ඉකුත් වී ඇති නිසා ප්‍රතිඵල නිවැරදි වීමේ සම්භාවිතාව අඩු බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වාදී ඇත.
මේ නිසා අද දහවල් ඉහළින් උපදෙස් ලැබී ඇත්තේ සියලුම පී.සී.ආර්. පරීක්ෂණ නවත්වා එන්නත්කරණයට ප්‍රමුඛස්ථානයක් දෙන ලෙසය.
සෞඛ්‍ය බලධාරීන්ගෙන් ක්ෂේත්‍ර සෞඛ්‍ය නිලධාරීන්ට මෙම උපදෙස් ලැබී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval