darshana-degambada-maharagama-covid-death

මහරගම DAD සමූහ ව්‍යාපාරයේ හා අරියානා රීච් හොටෙල් අධිපති, කීර්තිමත් ව්‍යාපාරික මහතකු වූ දර්ශන දෙගම්බඩ මහතා රුදුරු කොවිඩ් 19හි ගොදුරක් බවට පත්ව අද (11) ජීවිතය හැර ගියේය.




දෙදරු  පියෙකුවූ ඔහුට මිය යනවිට වයස 49 ක් පමණි.

ඔහුට හිමි මහරගම දුම්රියපොළ පාරේ පිහිටි අරියානා රිච් හෝටලයේ කාර්ය මණ්ඩලයද ඔහුගේ හදිසි වියෝව  අසා කම්පනයට පත්ව ඇත. මහරගම ඩීඒඩී යන්ත්‍රෝපකරණ සැපයුම් අලෙවි සලද ඩීඒඩී ෆැබ්‍රික් අලෙවි සලද ඔහු සතුය. දර්ශන දෙගම්බඩ මහතා මහරගම ජනාධිපති විදුහලේ ආදි සිසුවෙකි.හිතමිතුරන් වියෝවෙන් පසු ඔහු ගැන සමාජ මාධ්‍ය තුළ විවිධ සටහන් තබා තිබේ.

හැමදෙනාගෙම දුක හදුනන, හැමදෙනාටම උදව් උපකාර කරන,සමාජ සත්කාර,පොදු කටයුතු වලට මූලිකත්වය දෙන,දනට පිනට බෙහෙවින් ලැදි අයෙකු ලෙස ඔහුව හිතවතුන් විසින් හඳුන්වනු ලැබ තිබේ.
ඔහුගේ මරණය ගැන අද (11) රජය නිකුත් කළ මියගිය අයගේ සටහනේ අංක 18 ලෙස මෙසේ දැක්වේ.

‘මහරගම ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුරුෂයෙකි. හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 2021 මැයි 11 දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර කොවිඩ් නියුමෝනියා තත්වයයි‘