covid19-malaysia

මැලේසියාව තුළ දෛනිකව හමුවන COVID-19 ආසාදිතයන් සඛ්‍යාව මේ වනවිට 4.000ක් බවට පත්ව ඇතැයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසයි. පසුගිය අප්‍රේල් මාසය ආරම්භයේදී මෙම අගයන් 1,500ක පමණ මට්ටමේ පැවැති අතර, ඒ හේතුවෙන් ක්‍රම ක්‍රමයටතුළ සංචරණ සීමා පැනවීය. 

කෙසේ වෙතත් රට තුළ වාර්තා වන මෙම දෛනික ආසාදිතයන්ගේ වර්ධනයත් සමග තම ඒ තුළත් ඉන්දියාවේ මෙන් COVID-19සුනාමියක් තත්වයට පත්වෙමින් ඇති බවට සාධක ලැබෙන බව බලධාරින්ගේ අදහස වී තිබේ.විශේෂයෙන්ම අදවනවිට වාර්තාවන ආසාදිතයන් අතරින් 95%ක්ම මැලේසියානුවත්වෙන අතර, ඔවුන් සියලු දෙනා වෙතම සමාජයෙන් මෙම වෛරසය සම්ප්‍රේෂණය වීම සිදුව තිබේ. මැලේසියාව පසුගිය සතිය තෙක්ම එරට කඩ සාප්පු විවෘතව තැබූ අතර, ආපනශාලා ආහාර ගැනීම් සදභාවිවෘත කර තැබීමක්ද සිදු කෙරිණී.


විශේෂයෙන්ම රාමසාන් උපවාස සමය සහ ඊද් උත්සවය මේ සදහා හේතු වී තිබුණි. එසේම පාසල් සහ අනෙකුත් අධ්‍යාපනෙ ආයතනද විවෘතව තැබූ අතර, අද වනවිට මෙම සෑම ස්ථානයකින්ම පාහේ ආසාදිතපොකුරු වාර්තා වී ඇත.මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එරට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය  නූර් භිෂාම් අබ්දුල්ලා, "අපි අද ඉන් අසීරු අවස්ථාවක. රජයේ රෝහල් වගේම පෞද්ගලික රෝහල් අද පිරිඉතිරී ගිහින්. අද රටේ දැඩිසත්කාර ඒකක ඇඳන් ක්‍රමයෙන් අවසන් වෙමින් පවතිනවා. ඔබට වෛරසය ආසාදනය වෙලා රෝහලකට ඇවිත් අසාධ්‍ය තත්වයට පත්වුණත් ඔබට දෙන්න දැඩි සත්කාර ඇදක් අපිට නැහැ."

යනුවෙන් පවසා ඇත.එහෙත් වෙනත් රටවලදී මෙන් ජීවත්විය යුත්තේ කවුරුන්ද, ජීවත් නොවිය යුත්තේ කවුරුන්ද යන්න තීරණය කරන අවසානයක් වෙත තමන්ට යාමට අවශ්‍ය නොමැති බවත්, කෙසේ හෝ තත්ත්වය පාලනය කරගැනීම සිදුකළ යුතු බවත් ඔහු අවධාරණය කර තිබේ. ඇතැම් පිරිස් මෙම තත්වය පසුගිය අප්‍රේල් මාසයේදී ඉන්දියාවේ පැවති COVID-19 සුනාමි තත්වය හා සමාන තත්වයක් ගනු ඇතැයිද සදහන්කර තිබේ.මෙහි ප්‍රතිඵලයක් ලෙස මැලේසියානු රජය පසුගිය සඳුදා සිට සති දෙකක කාලයක් එරට ප්‍රාන්ත සහ පළාත් අතර සංචරය අත්හිටුවීමටද තීරණය කර තිබුණි.