china-letters-issue-attorney-general-library

චීන රජයේ ආධාර සහිතව ශ්‍රී ලංකාවේ සිදු කරන ඉදිකිරීම් දිගු ඉතිහාසයක සිට සිදුවේ. නමුත් ඒවා අධාර ලබාදීමෙන් ඔබ්බට ගොස් දැන් දැන් ඔවුන්ගේ භාෂාව සමරු ඵලකවලට යොදන තත්වයට පත්ව ඇති බව වාර්තාවේ. 
නීතිපති දෙපාර්තමේන්තුවේ අභිනවයෙන් විවෘත කෙරුණු පුස්තකාලයේ ඵලකයේ සිංහල ඉංග්‍රීසි සමග චීන අකුරු තිබීම විමතියට හේතුවී ඇත. දෙමළ භාෂාව ඉවත් කර තිබීම සම්බන්ධයෙන් මේ වනවිට යම් විවාද සම්පන්න තත්ත්වයක්ද මතුව තිබේ.

මෙම පුස්තකාලය විවෘත කරන අවස්ථාවට නීතිපති දප්පුල ලිවේරා සහ චීන තානාපතිවරයා සහභාගී වී සිටියහ.



නමුත් විශේෂ සිදුවීම වූයේ ඵලකයේ රාජ්‍ය භාෂාවන් වන සිංහල හා ඉංග්‍රීසි ඇතුළත්ව තිබුණද දෙමළ භාෂාව ඇතුළත්ව නොතිබීමය.
මැන්ඩරීන් හෙවත් චීන භාෂාව යොදා මීට ඉහත ගල්කිස්සේ දුම්රිය ස්ථානයක මාර්ගෝපදේශ සටහනක් තිබී ෆේස් බුක් විරෝධයකින් පසු එය වෙනස් කිරීමට කටයුතු යොදා තිබුණි.
චීන එන්නත් පළමු වටයේ ලබාගැනීමට ඉදිරිපත්වූ ලංකාවේ වාසය කරමින් සිටි චීන ජාතිකයින් සමස්තය සැලකීමේදී එම ගණන 5000ට අඩු පිරිසක් බව මින් ඉහත ලේඛන ගතවී තිබේ.
 කෙසේ වෙතත් දෙමළ බස ඉවත් කිරීම ගැන මෙන්ම චීන බසින් සමරු ඵලක කුමටද යන තේමාව ගැන සමාජ මාධ්‍ය තුළ කතාබහ මතුවන අතරේ ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුම හරහා මීට දශක ගණනාවකට පෙර අගමැති සිරිමාවෝ මැතිනිය පාලන සමයේ චීන ආධාර යටතේ ඉදිකළ බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඵලකයක ඡායාරූප හුවමාරු කරගෙන තිබේ. එහි සිංහල ඉංග්‍රීසි දෙමළ සමග චීන බසින්ද සටහන් තිබේ.
 චීන තානාපති කාර්යාලය එම ඡායාරූප සමග මෙසේ සටහන් කර ඇත.'We respect all 3 official languages in Flag of Sri Lanka, and urge Flag of Chinacompanies to follow.'