collupity-super-market

කොළඹ මහ නගර සභාව සතුව තිබූ කොල්ලුපිටිය සුපිරි වෙළඳ සංකීර්ණය සතු ඉඩම නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරාගෙන තිබේ. මෙතෙක් කලක් එම ඉඩම සහ සුපිරි වෙළඳ සංකීර්ණය කොළඹ මහ නගර සභාව සතු දේපොළක්ව තිබිණ.





නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් කොල්ලුපිටිය සුපිරි වෙළෙඳ සංකීර්ණය පිහිටි ඉඩම මෙසේ නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගෙන තිබේ.
 

කොල්ලුපිටිය වෙළඳ සංකීර්ණය සංවර්ධනය කිරීමේ යෝජිත ව්‍යාපෘතියක් පසුගියදා එලිදැක්වුණ අතර දැනට කොල්ලූපිටිය වෙළඳ පොළ පවතින ස්ථානයේ මහල් 39 කින් සමන්විතව නව වෙළඳ හා නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට නියමිත බව වාර්තා විය. අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ එහි සිටි සාමාන්‍ය වෙළෙන්දන්ට නව වෙළඳ සංකීර්ණයේ අනිවාර්යයෙන්ම ස්ථානයක් වෙන් කරන ලෙසටයි.