පවතින වසංගත තත්වය ගැන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ දැක්වූ අදහස් පහත පරිදිය.

වාර්තාවෙන covid ආසාදිතයින් සංඛ්‍යාව තවත් ඉහළ යයිද ?

පහුගිය දවස් ගණනාවක් තිස්සේ සතියකට ආසන්න පමණ කාලයක් දිනපතා ම අපිට වාර්තා වන රෝගීන් ප්‍රමාණය 1500- 2000ක ආසන්න ප්‍රමාණයකට ලං වෙලා තියෙනවා.  සමහරවිට මේක තවත් ඉදිරියේදී මීට වඩා වැඩි වීමේ හැකියාව තියෙනවා. සමහරවිට දෙදාහ ඉක්මවා යෑමටත් හැකියාව තියෙනවා .පුළුවන් තරම් නිවෙස් වලට වෙලා සිටින්න. මේ අවස්ථාවේදී අනවශ්‍ය විදිහට ගමන් බිමන් යන්න එපා .අනවශ්‍ය විදිහට මිනිස්සු එකතු වෙන තැන් වලට යන්න එපා. සාප්පු සවාරි යන්න එපා .මුළු සමාජයේම සමාජ වගකීම සියළුදෙනාටම දායකත්වයක් දැක්වීමට යම්කිසි විදිහකින් කාර්යභාරය තියෙනවා .




pcr නොකර කිසිම රෝග ලක්ෂණයක් නැතුව සමාජය ඉන්න පුළුවන් මම හිතන්නේ දළ වශයෙන් අපි දෙදහක් වාර්තා වෙනකොට ඒ හා සමාන සංඛ්‍යාවක් ඉන්න පුළුවන් සමාජයේ එතකොට මේ හාරදාහක් දළවශයෙන් දෙන්නෙක්ට රෝගය බෝ කෙරුවොත් සතියක් යනකොට අටදාහක් වෙනවා කියන එක ඉතාම සුළු දෙයක්. ඒ නිසා මේකෙ අවධානමක් තියෙනවා. මේ අවදානම දැනගෙන පරිස්සං වෙන්නේ කියලා ජනතාවගෙන් ඉල්ලන්නේ එකයි . මොකද මේකේ තවමත් අපිට පුළුවන් රෝගය පැතිරීම වළක්වා ගන්න. ඒ නිසා තමන් ආරක්ෂා කර ගත්තොත් icu අවශ්‍ය වෙන්නේ නැහැ. ඔක්සිජන් ඇතිද  මදිද කියලා ගනින්න ඕනෙ නැහැ. ඇඳවල් ඇතිද කියලා ගනින්න ඕනෙ නැහැ. තමා පරිස්සම් වුනොත් රට පරිස්සම් කරගන්න පුළුවන්.

 
 අනිවාර්යෙන්ම අපි ඉන්නේ ලොකු වසංගතයක් අභියස .අවදානමක් තියෙනවා මේක කලින් වසංගතයට වඩා වෙනස් .මොකද වැඩිපුර කෙනෙකුට ආසාදනය වෙනවා. ඒ වගේම තමයි සංකූලතා ඒන ඒක හුගාක් වැඩි වුනොත් සෞඛ්‍ය පද්ධතියට දරාගන්න බැරි තරම් වැඩි වුනොත් අපිට අමාරු වෙනවා මේක පාලනය කරන්න. තවමත් ඉන්නේ අපි පාලනය කරගන්න පුලුවන් මට්ටමේ .

 

කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු අයෙක් කළ යුත්තේ කුමක්ද?

 ඔබ pcr පරීක්ෂණයකට යොමු වුනොත් ප්‍රතිඵලය ලැබීමට ප්‍රථම ඔබට සමහර විට දිනක් දෙකක් තුනක් වගේ කාලයක් ගත වෙන්නට පුළුවන් . මේ කාල සීමාව තුළ ඔබ ස්වයං නිරෝධායනය ලක් විය යුතුයි .එම ප්‍රතිඵලය ආසාදිතයෙකු හෝ තහවුරු වුවහොත් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතා හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා හෝ වහාම දැන් දැනුම් දිය යුතුයි.ඔබට රෝග ලක්ෂණ නොමැති නම් ඔබ අතරමැදි ස්ථානයක ට රැගෙන යෑමට ඔවුන් කටයුතු කරයි . ඔබට රෝග ලක්ෂණ තිබේ නම් ළඟම තියෙන රෝහලට ගෙනියන්න ඔවුන් අවශ්‍ය කටයුතු කරයි. ඒ සඳහා ජාතික බළකායේ අංක 19 බළකායේ අංක 1906  සහාය ලබාගන්න පුළුවන්. ඒ වගේම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සුවසැරිය වෛද්‍ය ඇමතුම් සේවාවට 1999 අංකයෙන් අමතා වෛද්‍යවරයෙක් හෝ වෛද්‍යවරියක සෘජුවම සම්බන්ධ කරගෙන අවශ්‍ය උපදෙස් ලබා ගන්න .




දවසට එක පාරක් 1500 - 1900ක් පමණ වාර්තා වුණාම ඔවුන් වහාම රෝහලට ගෙනියන්න යම්කිසි විදියකින් කාලයක් ගත වෙනවා . මොකද මේක ඇවිල්ලා ලේසි පහසු කාර්යයක් නෙමෙයි. ඔවුන් රැගෙන යෑම සඳහා ඔවුන් අපි නිවසින් ගන්න ඕනේ. නිවසේදී ඔවුන් අපි අරගෙන රෝහල දක්වා ප්‍රවාහනය කරන්න ඕනේ. මේක ඇවිල්ල ක්‍රියාන්විතයක්.  මේ ක්‍රියාදාමයේ දී යම් කිසි විදියකින් මේක විශාල ප්‍රමාණයක්. මේ විදියට අපි එය අවස්ථාවේදී ප්‍රවාහනය කරන නිසා යම්කිසි විදිහක සමහර අවස්ථානවලදී පමාවක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී අපි කියන්නේ කලබල වෙන්න එපා .බයවෙන්න එපා .ගෙදර ඉන්න. ගෙදර ඉඳගෙන නිසි පරිදි අනිත් අයගෙන් වෙන්වෙලා ඉන්න ඒ වගේම හොඳට වතුර බොන්න. අපි පුළුවන් ඉක්මනටම ඒ ගොල්ලොන්ව රෝහල් වලට ඇතුල් කරනවා.