
ඉන්දියාවේදි හඳුනාගෙන ඇති B.1.1.6 නම් COVID-19 නව ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයන් සිවුදෙනෙකු හමුවුණු බව දකුණු අප්‍රිකානු සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ඉභළ සම්ප්‍රේෂණ හැකියාවක් සහිත මෙම නව ප්‍රභේදය හමුවීම කැපීපෙනන අවස්ථාවක් බවද එම අමාත්‍යාංශය සදහන් කරයි.
මෙලෙස හඳුනාගත් සිවුදෙනා මීට පෙර ඉන්දියාවේ සංචාරය කර පැමිණි පිරිස් බවත් පවසෙයි.එසේම මීට පෙර බ්‍රිතාන්‍යයන් හමු වුණු B.1.1.7 නම් නව ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයන් 11දෙනෙකුද මේ වනවිට දකුණු අප්‍රිකාවෙන් හමුව තිබේ. ඒ අනුව මෙතෙක් දකුණු අප්‍රිකාවෙන් හමුවුණු B.1.351 නව ප්‍රභේදයට අමතරව, බ්‍රිතාන්‍ය සහ ඉන්දියානු නව ප්‍රභේද හමුවීම සියරටහි සොඛ්‍ය පද්ධතිය දරුණු අවදානමකට ලක්කරවන්නක් වනබවද සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කර සිටියි. මේ අතර, දකුණු අප්‍රිකාව තුළ එතෙක් මෙතෙක් වාර්තා වූ වැඩිම දෛනික COVID-19 මරණ සංඛ්‍යාව වන මරණ 4,187ක් පසුගිය සෙනසුරාදා දිනයේදී සටහන් වීම පිටුපස මෙම නව ප්‍රභේද බොහෝ දුරට හේතුවී ඇතැයිද සෞඛ්‍ය අංශ සැකපහළ කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval