[Trending][btop]
[News][stack]

🔥 පිළියන්දල අවට, මහරගම තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ


පිළියන්දල පොලිස් බලප්‍රදේශයට අද උදෑසන පැනවූ හුදෙකලා බව ඉවත් කිරීමට තීරණය කර තිබෙන අතර ඒ වෙනුවට ඒ අවට ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හෙට 03 සදුදා උදේ 05 සිට හුදෙකලා කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ  ග්‍රාමසේවා වසම් මෙසේය.

  • අංක 584 ගොරකපිටිය ,
  • අංක 584/A නාම්පමුනුව,
  • 566 දාම්පේ ,
  • 565 බටකැත්තර උතුර,
  • 582 B පැලැන්වත්ත නැගෙනහිර ,
  • 572A කැස්බෑව දකුණ ,
  • 569 මාකන්දන නැගෙනහිර ,
  • 586 A මාවිත්තර උතුර
  • 567 මඩපාත

එමෙන්ම මහරගම පොලිස් බල ප්‍රදේශයේ 

  • 581 D ඇරැව්වල උතුර ග්‍රාමසේවා වසම 

හෙට අලුයම 5 සිට මීට අමතරව හුදෙකලා කර ඇත..