
ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ මාත්‍රාවන් දෙවැන්න ලබාගත නොහැකිව කාලය ඉකුත්ව යන පසුබිමක මුල් එන්නත ලබාගත් ඉන්දීය ආයතනයෙන් වැඩි මිල ලංසුවක් ලැබී ඇතැයි වාර්තාවේ.
එක් මාත්‍රාවක් ඇමරිකානු ඩොලර් පහළොවකට මිල දී ගැනීමට එකඟතාව පළ කරන්නේ නම් එන්නත් ලක්ෂ හයක් දෙසතියක දී ලබා දිය හැකි බව ඉන්දියාවේ සීරම් ආයතනය ඖෂධ නිෂ්පාදන හා සැපයීම් රාජ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී ඇත.
මෙම ආයතනය මීට පෙර එන්නතක් ලබා දී ඇත්තේ ඩොලර් පහකට වන අතර ඩොලර් දහයකට එන්නතක් ලබා දෙන ලෙස රාජ්‍ය අමාත්‍යාංශය සීරම් ආයතනයෙන් ඉල්ලා තිබේ.
මේ සම්බන්ධයෙන් රජය ලබාගෙන ඇති තීරණය තවම වාර්තා නොවේ.
ඇස්ට්‍රාසෙනෙකා එන්නත් දොළොස් ලක්ෂ හැට හතර දහසක් මේ වන විට මෙරටට ලැබී ඇත. මෙම එන්නතේ පළමු මාත්‍රාව ලබා දුන් බස්නාහිර පළාතේ පුද්ගලයන් හය ලක්ෂයකට දෙවැනි මාත්‍රාව ලබා දීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. පළමු මාත්‍රාවෙන් පසු සති දහසයක් ඇතුළත දෙවැනි මාත්‍රාව ලබා දිය යුතු නමුත් එන්නත් හිඟය හේතුවෙන් මෙතෙක් දෙවැනි මාත්‍රාව ලබා දීමට නොහැකි වී ඇත.
ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රා මුල්වටයේ ලබාගත් පිරිසකට ලබන ජුනි 01 වනවිට සති 16 සම්පූර්ණ වන අතර ක්‍රමයෙන් ඉදිරි සති කිහිපය ඇතුළත අනෙක් සියල්ලන්ටද එම කාලය සම්පූර්ණ වේ.
නියමිත කාලයේදී දෙවැනි මාත්‍රාව ලබා නොදීමෙන් ප්‍රතිදේහ නිර්මාණය නොවන බව වෛද්‍ය මතය වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval