araliya-hotel-covid19

ගාල්ල උණවටුණ  ප්‍රදේශයේ පිහිටි අරලිය හෝටලයේ සේවක සේවිකාවන් 22 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට  තහවුරුවිම නිසා  එම හෝටලය දින 14ක කාලයකට වසා දැමිමට උපදෙස් දුන්බව
හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි  වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.


තරු පන්තියේ හෝටලයක් වන අරලිය හෝටලය හිටපු ජනපති මෛත්‍රී සොයුරු ඩඩ්ලි සිරිසේනට අයත්වූවක් වන අතර මෑතකාලීනව විවෘත කරන්නට යෙදිණි.

මෙකී රෝහලේ සේවක සේවිකාවන් 07 දෙනෙකුට මුලින්ම කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමෙන් පසුව කළ පී.සී.ආර්. පරික්ෂණවලදි  තවත් සේවක සේවිකාවන් 15 දෙනෙකුට  වෛරසය
ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත.
මේ වනවිට හෝටලයේ සේවක සේවිකාවන් 150 දෙනෙකුට වැඩි පිරිසක් හෝටලය තුළ නිරෝධායනයට ලක්
කිරීමට පියවරගෙන ඇති බවද හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.