al-results

2020 වර්ෂය සඳහා වන උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් 30 ට පෙර නිකුත් කරන බව මීට පෙර නිවේදනය කර තිබූ නමුත් පවතින වසංගත තත්වය නිසා දින කිහිපයක් පමාවී ඇති අතර මැයි 5 හෝ ඊට පෙර නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව දැන් නිවේදනය කරයි.


2020 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අවසාන අදියරේ පවතින බවත් නිකුත් කිරීමට පෙර ගණනය කළ Zscores  දෙවරක් පරීක්ෂා කළ යුතු බවත් විභාග කොමසාරිස්වරයා දන්වා තිබේ.