
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද විශේෂ රැස්වීමක් පවත්වා ඇති අතර හිටපු ජනපති මෛත්‍රී ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීම සඳහා ආණ්ඩු පක්ෂයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හැර සන්ධානය නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ 11ක පක්ෂ නායකයින් එක්ව ඇත.
අමාත්‍යවරුන් වන විමල් විරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු පක්ෂ 11ක නායකයින් මෙම රැස්වීමට එක්ව සිට ඇති අතර මෙම රැස්වීමේදී ඉදිරි පළාත් සභා මැතිවරණයට අදාලව ගෙන ඒමට බලාපොරොත්තුවන පනත ගැන මෙන්ම රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවූ බව සාකච්ඡාව අවසානයේ නිමල් සිරිපාල ද සිල්වා හා උදය ගම්මංපිල ප්‍රකාශ කරන ලදි.
කෙසේ වෙතත් පැමිණි සිටි මාධ්‍ය කැමරා කන්ඩායම්වල සැකය වූයේ විමල් ඇතුළු පිරිසක් ආණ්ඩු පක්ෂයෙන් කැඩී ශ්‍රීලනිපය සමග එක්වීමට සාකච්ඡාවක් පවත්වා ඇතිද යන්නයි. නමුත් එයට නිසි පිළිතුරක් ලැබුනේ නැත.
මෙහිදී කතාවූ දේ මාධ්‍ය අසද්දී මහලේකම් දයාසිරි මගහැර යාමද විශේෂිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval