
බස්නාහිර පළාතෙන් පිටවන සහ පළාතට ඇතුළුවන ස්ථාන 12ක දී අද (අප්‍රේල් 29) දහවල් 12.00
සිට සෞඛ්‍ය අංශ, පොලිසිය හා ත්‍රිවිධ හමුදාව එක්ව විවිධ පරීක්ෂාවන් සිදු කිරීමට නියමිත බව පොලිස්
මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
කොවිඩ්-19 රෝගය පළාත් අතර ව්‍යාපත්වීම වැළැක්වීම සඳහා මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව
- කොච්චිකඩේ තෝප්පුව පාලම,
- කොටදෙනියාව බඩල්ගම පාලම,
- නිට්ටඹුව හැලගල හංදිය,
- මීරිගම ගිරිඋල්ල පාලම,
- දොම්පේ සමනබැද්ද පාලම,
- හංවැල්ල වනහගොඩ පාලම,
- අලුත්ගම බෙන්තර පාලම,
- තිනියාවල - තිනියාවල හංදිය,
- ඉංගිරිය කැටකැදල්ල පාලම,
- බදුරලිය කලවාන සමන් දේවාලය අසල,
- මීගහතැන්න පොලිස් වසමේ ගොරකදූව අවිත්තාව පාලම
- දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව
යන ස්ථානවලදී එම පරීක්ෂාවන් සිදු කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන්
කළේ ය.
එමෙන් ම, බස්නාහිර පළාතෙන් පිටවන හා පළාතට පැමිණෙන පුද්ගලයින් අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන්
පරීක්ෂණ සඳහා ද භාජනය කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval