taiwan minister Lin Chia-lung

පනස් දෙනෙකුට මරු කැඳවමින් පසුගිය සිකුරාදා (2) තායිවානයේ සිදුවුණු දුම්රිය අනතුරින් පසු එයට ප්‍රවාහන ඇමැති ලින් චියා ලන්ග් ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේය. අනතුරට ලක් වද්දී දුම්රියේ 500 කට වැඩි පිරිසක් සිටි අතර,

අනතුරින් 250 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. දුම්රිය මගීන් අතරේ, විදෙස් සංචාරකයෝ ද සිටියහ. දුම්රිය පීලි පැන අනතුරට ලක් වූයේ උමඟක් තුළය. ඒ, එය උමඟ පිවිසුම අසල, දුම්රිය මාර්ගයට ආසන්නයේ තිබූ නඩත්තු ට්‍රක් රථයක හැපීමෙනි.අනතුර සිදුවෙද්දී, දුම්රිය මාර්ගය අසල නඩත්තු කටයුතු සිදුවෙමින් තිබුණු අතර, නඩත්තු සේවකයන්ගේ නොසැලකිල්ල නිසා දුම්රිය මාර්ගයට මදක් ඉහළින්, නවතා දමා තිබුණු එම නඩත්තු ට්‍රක් රථය තිරංග දෝෂයක් හේතුවෙන්, දුම්රිය මාර්ගය ආසන්නයට ලිස්සා ගොස් ඇතැයි විමර්ශනවලින් හෙළි වී තිබේ. දශක 4 කට පසු තායිවානයේ සිදුවුණු දරුණුතම දුම්රිය අනතුර ලෙස මෙය සැලකෙයි. දුම්රිය පීලි පැනීම සම්බන්ධයෙන් එහි වගකීම තමන් බාර ගන්නා බවත්, ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවත් ප්‍රවාහන ඇමැති ලින් චියා ලන්ග් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ද සටහනක් තබමින් පවසා තිබේ.

 තායිපේහිදීය (රොයිටර්)