
කොරෝනා හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව මේ වනවිට හරි අඩකින් පමණ අඩුවී ඇතැයි සෞඛ්‍ය අමාතතාශයේ වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වසංගත රෝග විද්‍යාඥ සුදත් සමරවීර මහතා පැවසිය.
කොරෝනා හේතුවෙන් සිදුවන මරණ මෙයට පෙර දහයකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වුවත් දැනට වාර්තා වන්නේ කොරෝනා මරණ පහකට අඩු සංඛ්‍යාවක් යැයි ද ඔහු කීවේය. මෙය සතුටුදායක තත්වයක් බව පැවැසූ සමරවීර මහතා සැකකටයුතු රෝග ලක්ෂණ හේතුවෙන් ස්වේච්ඡාවෙන් රෝහල් ගත වන්නන්ගේ සංඛ්‍යාව ද බෙහෙවින් පහළ ගොස් ඇතැයි සඳහන් කළේය.
මේ අතර කවුරු කුමන චෝදනා කළත් පී.සී.ආර්. පරික්ෂණ අඩුකර නැතැයි ද සිංහල අවුරුද්දේ දී කණා මුට්ටිය ගහන ආකාරයට පී.සී. ආර්. පරීක්ෂණ කළ නොහැකි යැයි ද ඔහු පැවැසීය. රටේ විවිධ ප්‍රදේශවලින් පුද්ගලයන් අහඹු ලෙස තෝරාගෙන පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කිරීමේ වැඩපිළිවෙළ ද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. කොරෝනා මරණ අඩුවීමට හේතුව එන්නක්කරන වැඩපිළිවෙළ බව වසංගත රෝග විද්‍යාඥයෝ පවසති.
-සුජිත් හේවාජුලිගේ-
Comments
Post a Comment
Your comment will be visible after approval