pushpika-de-silva-speaks

ආන්දෝලනයට තුඩුදුන් මිසිස් ශ්‍රී ලංකා ඔටුනු ගැලවීමේ සිද්ධියෙන් පසු කිරුළ මුලින් හිමිව තිබූ පුෂ්පිකා ද සිල්වා මාධ්‍ය අමතමින් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබේ. ඇය මේ වනවිට සිද්ධිය ගැන කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක්ද සිදු කර තිබෙන අතර මෙසේ කියා තිබේ.
 
‘මේක තනිකරම මාව අපහසුතාවයට ලක්කරපු සිදුවීමක් මං මේ ගැන කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කරා. ඒ වගේම මගේ නීතිඥයින් මාර්ගයෙන් සිදුවූ අපහාසය සම්බන්ධයෙන් නඩුවක් ෆයිල් කරන්න කටයුතු කරනවා.
මං දික්කසාද වෙලා කියල මාධ්‍ය වල පළවුණාට මං නීති මාර්ගයෙන් තවම වෙන්වෙලා නැහැ.පළමු විවාහයේ සහතිකය තාම වලංගුයි. මං සැමියාගෙන් වෙන්ව දරුවා සමග සිටින එක වෙනම කතාවක්. ඒක පෙන්නලා මාව නුසුදුස්සෙකු කරන්න ඒගොල්ලන්ට සාක්ෂි නැහැ.


ඇරත් එහෙම දෙයක් කරන්න නම් අවශ්‍ය ඒක කරන්න සුදුසු වෙලාවක නෙමෙයි ඒ දේ කළේ.ප්‍රශ්නයක් ඇත්නම් එය විසඳා ගැනීමටද ක්‍රමයක් තිබෙනවා.
කැරොලින් ජූරි ගේ හැසිරීම ගැන හරිම කණගාටුයි. ඒවගේ කෙනෙකුට මිසිස් වර්ල්ඩ් වැනි ටයිටල් එකක කීර්තිය දැරීමේ හැකියාවක් තියෙන්න පුළුවන්ද එයා ඒ වෙලාවේ මගේ හිසට දාපු කිරුළ උදුරලා ඇද ගලවා ගැනීමට උත්සාහ කළේ අමුතුම මානසිකත්වයකින්.
ඇත්තටම මේක මට මහ ලොකු ටයිටල් එකක් නෙමේ. මේක නොලැබුණත් මට මීට පෙර ලැබුණ වටිනා ටයිටල් දෙකක්ම තියෙනවා. මේක මට ලැබුණට පස්සේ ඇතිවුණ අකමැත්තට එය නැතිකරන්න හිතාමතාම හැසිරුණ විදිහ හරිම පහත්. හරිම අසාධාරණයි ඒ වගේ මේ වගේ අවස්ථාවක නොකළ යුතු දෙයක්.
මට මේ ගැන කියන්න තියෙන්නෙ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා මීට කලකට ඉහත කිව්ව දෙයක් එයා කිව්වා 

“මම ජනාධිපති වෙලත් හිටියා, අගමැති වෙලත් හිටියා මට තනතුරු ලොකු නැහැ” කියලා. මේ ගැන මටත් කියන්න තියෙන්නෙ එච්චරයි. මේ වගේ වැඩ කරලා මගේ ගමන නවතන්න කාටවත් බැහැ....
මේ සියලු දේ ගැන මං මාධ්‍ය හමුවක් පැවැත්වීමට අදහස් කරනවා ඒකෙදී වැඩි විස්තර හෙළි කරන්නම්‘