
සේවකයකුට කොවිඩ් 19 වෛයිරසය වැළදිම හේතුවෙන් බත්තරමුල්ල,කොස්වත්ත හි පිහිටි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය අප්‍රෙල් 27 හා 28 දෙදින වසා ඇති බව නිවේදනය කෙරේ.
ෙසේ වෙතත් කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයේ පළමු හා අවසන් අනුමැති අංශය සහ කොරියානු රැකියා අංශය සිමිත කාර්ය මණ්ඩයක් මගින් පවත්වාගෙන යන අතර තලාහේන කාර්යාලය හා ප්‍රාදේශිය කාර්යාල වසා නොතැබෙන අතර සාමාන්‍ය සේවා එම කාර්යාල මගින් පෙර පරිදි සිදුකෙරේ.
එමෙන්ම කාර්යාංශයේ ගුවන් තොටුපළ ශඛාවද සේවා සඳහා ක්‍රියාත්මක බැවින් විදේශ රැකියා සඳහා ලියාපදිංචි කිරිම එහිදිද සිදුකර ගත හැක.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය අප්‍රෙල් 27 හා 28 දෙදින වසා සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව විෂබීජ හරණය කර, මහජනතාවට සෞඛ්‍ය ආරක්ෂිත පරිසරයක් ඇතිකිරිමෙන් අනතුරුව, අප්‍රෙල් 29 වෙනි දින සිට සුපුරුදු පරිදි කාර්යාල කටයුතු සඳහා විවෘත කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval