ශ්‍රී ලංකා කායවර්ධන සංගමයේ සිදුව ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් මහතා පොලිස් ක්‍රීඩා වැරදි ඒකකයට ගොස් ප්‍රකාශයක් ලබාදී ඇත.ඇමරිකාවේ තරගාවලියක් සඳහා සහභාගී වීමට කායවර්ධන සංගමයෙන් රුපියල් ලක්ෂ 3ක ගුවන් ටිකට් පත්‍රයක් ලූෂන් පුෂ්පරාජ් මහතාට ලබාදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 

ලුෂන් පුෂ්පරාජ් මහතාගෙන් ප්‍රශ්න කරනු ලැබූ බව එම ඒකකයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.එවැනි ගුවන් ටිකට් පතක් තමන්ට නොලැබුණු බව ලුෂන් පුෂ්පරාජ් මහතා සිය ප්‍රකාශයෙන් සඳහන් කළ බව එම නිලධාරියා සඳහන් කළේය.2012 ත් 2019 අතර කාලයේදී ශ්‍රී ලංකා කායවර්ධන සංගමය විසින් රුපියල් මිලියන දෙකක මුදලක් අවභාවිත කරනු ලැබුවේ යැයි කියන මෙම සිද්ධියට අදාළව පොලිස් ක්‍රීඩා වැරදි ඒකකය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර මේ පිළිබඳව නිලධාරින් ගණනාවකගෙන්ම ප්‍රශ්න කර ඇතැයි ද ඔහු පැවසීය.
(නිමන්ති රණසිංහ)