caroline-jury-speaks

මේ සමග පළවන්නේ ළහිරුගේ යූ ටියුබ් නාලිකාව සමග කැරොලින් ජූරි මීට මාස 6 කට පෙර ලබාදුන් සම්මුඛ සාකච්ඡාවකි. මෙහිදී ඇය ඒ දක්වා ආ ගමන ගැන මෙන්ම තමාගේ අතීතය ගැන මෙනෙහි කිරීමක් සිදු කරන්නීය. තමාට කාලයක් විශාදය මානසික රෝගී තත්වය පැවති බවද හෙළි කරන්නීය.  අවසානයේ ඇයගෙන් අසන පැනය වූයේ මීළඟ ලෝක රූ රැජිණ ලංකාවෙන් තේරෙන්න ඔබට දෙන්න පුළුවන් SUPPORTඑක කොහොමද ? යන්න වන අතර මම 100% දෙනවා...මම වින්ද දුක මහන්සිය ඊළඟ කෙනාට දෙන්න මම කැමති නෑ.... ඇය එහිදී කියන්නීය.
සම්පූර්ණ සාකච්ඡාව පහත පරිදිය.

•ඔබගේ සම්පූර්ණ නම?
     "කැරොලයින් ලුසී ඈන් ජූරී"
•ඉපදුනේ ?
     "ඉපදුනේ කඳානේ...1992/10/05"
• සාමාන්‍යයෙන් කට්ටිය කියන්න කැමති නෑනේ වයස ,
    "මටනං වයස කියන්නේ අංකයක් විතරයි..."


•කොහෙද ඉස්කෝලේ ගියේ ?
    "සෙන් සෙබස්තියන් බාලිකා විද්‍යාලය කඳාන"
•රස්සාවල් කීයක් කලාද ?
    "රස්සාවල් තුනක් කලා...ලංකාවේ මං වැඩ කලේ T N T එකේ sales & marketing executive... ඊට පස්සේ මම
කටාර් ගියා sales & marketing executive as well  designe clothing shop එකක්..මම අවුරුදු
දෙකක්  වැඩ කලා..පස්සේ මම ඩුබායි ගියා...ඩුබායි මම වැඩ කලේ  Virgin Megastores costomer service වැඩ
කලා අවුරුදු  තුනක්.."
•පවුලේ විස්තර ?
     "මගේ පැත්තෙන්.. මට අයියලා දෙන්නයි,අක්කයි,නංගී ලමයි පස් දෙනයි..අම්මයි,තාත්තයි,ආච්චී"
•දැන් ඔයාගේ පවුලේ ?
      "මමයි,මගේ husband මගේ බබයි... "  
•බබාගේ වයස ?
      "අවුරුදු දෙකයි මාස හතයි.."
•මොකක්ද නම ?
      "එලීසා කැරොලයින් වීරසිංහ"
•මතකද ඔබේ ජීවිතේ වෙනස් කරපු තත්පර ගණන ?
      "මට හොඳට මතකයි ඒ මොහොත....sri lanka කියලා අඩගහනකොට මම කල්පනා කලා මේ මටද කියලා...මම හිතුවෙවත් නෑ....මම
මේ ගමනට ආවේ අමාරුවෙන්...මම විතරක් නෙවෙයි මගේ වටේ හිටිය අය මට උදව් කලා...මට ආර්ථික ප්‍රශ්ණ තිබ්බා..මට sponsers හිටියේ
නෑ....වීසා තුන් පාරක් reject උනා...දෙවෙනි පාර reject වෙද්දී මම හිතුවා මට u s a යන්න බෑ කියලා....සමහර අය කතාකරලා
මගෙන් ඇහුවා ඇයි මොකද උනේ කියලා කොහොමද අපි MEDIA වලට මූන දෙන්නේ..ඔයා දිනලා ඔයා රට ගියේ නෑ කියලා කොහොමද අපි කියන්නේ කියලා ඇහුවා...මම ණය වෙලා තමයි මේ තැනට ගියේ...මම makeup artist කෙනෙක් ගත්තෙත් U S A කෙනෙක්ඒකටත් ගානක් වියදම් කලා...ඒ මොහොතේ මට හිතුනා මම දින්නා..මගේ ලඟ හිටිය අයව මම සතුටු කලා...මට උදව් නොකරපු අයට මම පෙන්නුවා මම ජයග්‍රහණය කලා කියලා...මම කාමරේට ඇවිත් ගොඩාක් ඇඩුවා..."
•HUSBAND හිටියේ නැද්ද ඒ වෙලාවේ ?
      "නෑ...මම තනියම ගියේ..මගේ HUSBAND ගේ VISA REJECT උනා..බබාගේ VISA REJECT උනා...අද වෙනතුරු මම
දන්නේ නෑ හේතුව මොකක්ද කියලා..."
•ඔබ හිතනවද කවුරුහරි මේ දේ කලා කියලා ?
       "මට එහෙම කියන්න බෑ..නොදන්න දෙයක් මට කියන්න බෑ... කවුරුහරි මේ දේ කලා කියලා හිතන්නවත් මට වෙලාවක් තිබුනේ නෑ මට තිබුණ ප්‍රශ්ණ නිසා...මම යන්න කලින් දවසේ රෑ තමයි මගේ නියපොතු දැම්මේ..සපත්තු ගත්තෙත් එදා රෑ...මට ඒක නිකං කතාවක් වගේ...එච්චර දේවල් කරගෙන මම USA ගියත් මට කවුරුත් හිටියේ නෑ උදව්වට...මම හැමදේම කරගත්තේ තනියම...NATIONAL COSTUME එක දාලා ගිහින් තිබුනේ...."
•ලංකාවෙන් පිටත්වෙන වෙලේ මහත්තයා මොනවද කිව්වේ ?
      "මහත්තයා මට කිව්වේ බබා ඔයාට කරන්න පුළුවන්...ඔයා මිනිස්සුන්ට පෙන්නන්න ඔයා කවුද කියලා....රට වෙනුවෙන් දෙයක් කරන්න කිව්වා..."
•දිණුවට පස්සේ ඔයා මොනවද මහත්තයාට කතා කරලා කිව්වේ ?
      "මම කිව්වේ එයාට මට මේ මොනවත් එපා...මම යද්දිත් තනියමනේ ආවේ ඒ නිසා මම එන්නම් කිව්වා...නැතිවෙලාවෙදි නැති කට්ටිය තියෙනකොට මොකටද කියලා මම එයාට කිව්වා..."

•දිනපු වෙලාවේ කාවද මුලින්ම මතක් උනේ ?
   "උදව් කරපු කට්ටිය තමයි මුලින්ම මතක් උනේ...මගේ HUSBAND මගේ නැන්දම්මා,සිලනි,නෙවිල් මාව ශක්තිමත් කරපු අය තමයි මට ගොඩාක්ම මතක් උනේ....එයාලා මාව ගොඩාක් ශක්තිමත් කරා...."

•ඔබ විවාහක රූ රැජිණක් හැටියට ලංකාවේ සංස්කෘතියත් එක්ක අපි දකින දෙයක් තමයි කාන්තාවක් විවාහ උනාට පස්සේ මේ වගේ තරඟ වලට යන්න ගොඩාක් වෙලාවට ඉඩ ලැබෙන්නේ නෑ..විවාහ උන සැමියා කැමතිත් නෑ...ඒ අතින් ඔබ කොතරම් වාසනාවන්තද ?
   " මම ගොඩාක් වාසනාවන්තයි..මම බැඳලා කියලා මගේ  DREAMS නැතිවෙන්නේ නෑ... එහෙම කරන්නත් හොඳ නෑ.....විශ්වසය තියෙන්න ඕන...විශ්වසය නැතිනම් වැඩක් නෑ එකට ජීවත් වෙන එක...අනිත් එක එයා මට ඉඩ දුන්න නිසායි මම අද මෙතන ඉන්නේ...සංස්කෘතිය විදිහට ඒව ඇත්ත..හැබැයි දෙන්නම කතා කරලා තීරන ගන්න ඕන..HUSBAND ටත් DREAMS තියෙනවා,WIFE ටත් DREAMS තියෙනවා ඒවට ඉඩ දෙන්න ඕන...දක්ෂතා තියෙන අය ගේ ඇතුලට දාලා තියන්න හොඳ නෑ...බැන්ඳා කියලා එයාලා වැඩකාරයො නෙවෙයි ඒක යුතුකමක්...ගැහැණු කෙනෙක්ට අම්මා කෙනෙක් වෙන්න පුළුවන්,BOSS කෙනෙක් වෙන්නත් පුළුවන්...HUSBAND මට ඉඩ දුන්න හිංදා මම එයාගේ ආශිර්වාදය
ගත්ත හිංදා තමයි මම මේ තැන ඉන්නේ..."

•සමහර කාන්තාවන් ඉන්නවා නේද මහත්තයා එහෙම ගැටළුවක් ඇතිකලේ නැතත් මහත්තයාගේ වැඩ කරගෙන දරුවන්ගේ වැඩ කරගෙන ඉන්න එක තමයි මගේ JOB එක කියලා හිතන අය ඉන්නවා නේද ?
     "එහෙම අය ඉන්නවා....අපිට ඒ MENTALITY එක වෙනස් කරන්න බෑ...ඒ ඒගොල්ලෝ හිතන විදිහ...හැබැයි ඇත්ත බැලුවොත් මම කියන්නේ  ඒක වැරදී...ඔයා දරුවන්ට දෙයක් පෙන්නන ඕන එයාලට ආදර්ශයක් වෙන්න ඕන...දැන් ඉන්න දරුවෝ ඉස්සර වගේ ඉන්නේ නෑ...දැන් Technologyවෙනස්..SOCIAL LIFE එකත් වෙනස්..එයාලා ඒක හිතන්න ඕන...දරුවන්ට ආදර්ශයක් වෙන්න ඕන..."

•ඩුබායි වල අවුරුදු කීයක් ජීවත් උනාද ?
    "අවුරුදු 4 ක් 5 ක් වගේ..."

•එහෙයි මෙහෙයි වෙනස කොහොමද දැනෙන්නේ ?
     "ඩුබායි ගත්තොත් වැඩ විතරයි ජීවිතයක් නෑ...හැබැයි ලංකාවේ එහෙම නෑ...trip යන්න පුළුවන්..නෑදෑයෝ හම්බුවෙන්න පුළුවන්...ලංකාවේ

නිවාඩු වැඩී...ඩුබායි වල එහෙම නෑ..අපි සතියට එකපාරයි නිවාඩු ගන්නේ...තනිවෙලා ඉන්නේ කවුරුත් නෑ...ඒ life එක වෙනස්..."

•ලංකාවේ වැඩියෙන්ම යන්න ආස කොහෙද ?
     "හැමතැනම වගේ....මං ආසයි travelකරන්න....ලඟදී කොරෝනා නිසා කොහෙවත් යන්න උනේ නෑ...බබත් ඉන්න නිසා බයයි..."

•ලංකාවේ තියෙන දරුණු ප්‍රශ්ණයක් තමයි කාන්තා හා ළමා අපචාර ඔබ ලෝක රූ රැජිණ විදිහට මේ සංසිද්ධීන් ඔබ කොහොමද දකින්නේ ?
     "මම හිතන විදිහට SEX Education අවශ්‍යයි ළමයින්ට...මොකද දැන් කාලේ ළමයින්ට පොඩි වයසේ ඉදන් PHONE
තියෙනවා...ඕන දෙයක් YOUTUBE එකේ ගහපු ගමන් එනවා...දෙමව්පියන් දැනගන්න ඕන ළමයින්ට ඒ දේවල් කියලා දෙන්න...නැත්තං කොහොමද ළමයි හරි වැරද්ද හොයාගන්නේ දෙමව්පියන් කියලා දුන්නේ නැත්නම්..."

•ඔබට පුළුවන්ද ඔබේ දරුවට ඒ ගැන කියලා දෙන්න ?
       "ඔව් අනිවාර්යෙන් මම එයාට කියලා දෙනවා...මොකද එයා ඉස්සරහට ජීවත් වෙන්න ඕන...ලංකාව දැන් යන විදිහට මට බයයි මගේ දුව ගැන... අනික ඉස්සර අපිට අම්මලාගෙන් අහන්න බෑ අපිට බයයි..අපිට ෆෝන හම්බුනේ O/L A/ L කාලේ අනික ඒවගේ YOUTUBE මුකුත් නෑ...ගුරුවරු කොච්චර ඉගැන්නුවත් අම්මයි දුවයි තාත්තයි පුතයි අතර තියෙන සම්බන්ධය වෙන කාටවත් ගන්න බෑ... දුව පුතාට කතා කරන නිදහස අපි දෙන්න ඕන..අපි ඒ දේවල් උගන්වන්න ඕන...එහෙම නැති නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ...ලැජ්ජයි තමයි නමුත් අපි ඒ දේ කියල දුන්නොත් එයාලා දන්නවා එකිනෙකාට RESPECT කරන්න...අපි හිටිය විදිහයි දැන් විදිහයි සම්පූර්ණයෙන්ම වෙනස්..ලෝකේ වෙනස් වෙනවා
අපිත් වෙනස් වෙන්න ඕන..."

•ඔබට දැනෙන විදිහට කාන්තාවක් කියන්නේ කවුද?
        "කාන්තාවක් කියන්නේ QUEEN කෙනෙක්...එයාලා MULTI TALENTED....දරුවෙක් මාස 10ක් බඩේ තියන් ඉන්නවා ඒ වේදනාව දරාගන්නවා..දරුවෝ බලාගන්නවා ගෙදර වැඩ කරනවා...ඒක ලේසි නෑ..අම්මා කෙනෙක් වෙන එකත් ලේසි නෑ....අම්මා කෙනෙක්ට මැරෙනකල්ම වගකීම් තියෙනවා කරන්න..."

•සමහරක් කාන්තාවන් ඉන්නවා දරුවෝ හදනඑක පහු කරන්න ඕන,ඇගේ හැඩේ යනවා කියලා..එහෙම කෙනෙක්ට අම්මා කෙනෙක් විදිහට ලෝක රූ රැජිණ විදිහට ඔබට මොකක්ද කියන්න තියෙන්නේ ?

   "මම කියන්නේ pregnant වෙන එකත් වාසනාවන්තයි...කොච්චර ගෑණු ළමයි ඉන්නවද එයාලට pregnant වෙන්න බැරුව doctor ගාවට යන..එයාලා අඩනවා....මෙහෙමයි දැන් ඕන තරම් විදි තියෙනවා shape කරන්න,gym යන්න පුළුවන්,Diet කරන්න පුළුවන්...පිටරට වල බලන්න ළමයි 4 ක් 5ක් ඉන්න අම්මලාගේ ඇඟ...ඒ දේ හිතන්නවත් පවු...දරුවෝ නැති අම්මලාගේ දුක කොච්චරද...අම්ම කෙනෙක්වෙන එක දෙවියෝ දුන්න දෙයක්...."



•ඔයා Diet කරනවද ?
    "ඔව් මම Diet කරනවා...මෙහෙමයි...මොකක්හරි shoot එකක් තියෙනවනං මම Diet කරනවා...පස්සේ ඒක ඉවර උනාම හොඳට කනවා...."

• හැම ගෑණු ළමයෙක්ම කැමති slim වෙන්න..ඔබ කැමති නැද්ද ?
      "නෑ....මට ඕන slim නෙවෙයි healthy body එකක්..හැමෝම කරන දේ කරන්න කැමති නෑ මම..අනික මගේ husband කැමති නෑ ඕනවට වඩා කෙට්ටු වෙනවට...මම එයා කැමති විදිහට ඇඟ හදාගෙන ඉන්නවා...."

•විවාහක රූ රැජිණ උනාට පස්සේ මේ කාල වකවානුව තුල ඔබ මොනාද කලේ ?
     "කොරොනා නිසා හැමදේම හිර උනා..මම ගොඩක් දේවල් plan කරලා තියෙනවා...නමුත් මම ඒ දේවල් වෙන්න කලින් කියන්නේ නෑ....මම ළමයින්ට උදව් කරන්න කැමති කෙනෙක්...මම foundation කරගෙන යනවා ළමයින් වෙනුවෙන්...මගේ main goal එක තමයි අසරණ ළමයින්ට උදව් කරන්න..."

•ඔබ දකින විදිහට ලංකාවේ ළමයින්ට තියෙන ප්‍රශ්න මොනවද ?
           "එයාලා TALENTED ඒත් එයාලට ඉදිරියට එන්න විදිහක් නෑ...පොඩි ළමයි ආසයි ගයකයෝ වෙන්න,doctors ලා වෙන්න එයාලට අපි උදව් කරන්න ඕන.. සමහර ළමයි ඉන්නවා depression තත්වයේ...ඇයි එහෙම වෙන්නේ...මොකද දෙමව්පියෝ අනික් ළමයි එක්ක කොම්පෙයාර් කරනවා....ඒකනේ මෙච්චර Suicide ලංකාවේ වැඩි...මාවත් කොම්පෙයාර් කරලා තියෙනවා.....ඒ දුක දරාගන්න අමාරුයි..දෙමව්පියන්ට එයාලගේ වැඩ නිසා ළමයි මඟහැරෙනවා...ළමයින්ට එයාලගේ ප්‍රශ්ණ කතා කරන්න කෙනෙක් නෑ....මමත් depression තත්වයට ආපු කෙනෙක්...මම අඳිනවිදිහට මිනිස්සු කැමති උනේ නෑ..මාව මේ තත්වෙට ගෙනාවේ මගේ වටේ හිටිය අය එයාලා මට උදව් කලා...එහෙම කරන්න එපා ළමයින්ට...ඕවා තමා ළමයින්ට තියෙන ප්‍රශ්න...."

•luxury life එකක් කියන්නේ මොකක්ද ?
     "luxury life කියලා මිනිස්සු හිතාගෙන ඉන්නේ branded ඇඳුම්,branded ගෙවල්, branded වාහන
හිතුන දේ ගන්න පුළුවන් කියන එක...නමුත් මගේ  view එක luxury life කියන්නේ happiness...ඒක තමයි ගොඩාක් වටින්නේ....පවුලක් හැටියට happiness නැත්තං වැඩක් නෑ...කොච්චර සල්ලි තිබුණත් වැඩක් නෑ...ආදරය,සතුට සල්ලි වලට ගන්න බෑ..විශේෂයෙන් happy marriage life එක..husband wife දෙන්නම ඉන්න ඕන හොඳම යාළුවෝ වගේ...trust එක main thing..."

•කාටද වැඩියෙන්ම ආදරේ ?
      "මුලින්ම මගේ husband ඊට පස්සේ මගේ දරුවා...ඒ දෙන්නා තමා මගේ ජීවිතේ...."

•අද ඉන්න තැන ගැන කොයි තරම් ආඩම්බරයිද ?
        "ගොඩාක්  ආඩම්බරයි....වචන නෑ මට කියන්න...එච්චර සතුටුයි මට...මාව රිදදපු අයට මම දෙයක් කරලා පෙන්නුවා...."

•ඔබේ MANAGEMENT එකේ කී දෙනෙක් ඉන්නවද ?
         "12 ක් 15 ක් අතර......"

•ඔබ කුමක්හෝ දේකට represent කරද්දී කොයිවගේ conditions ද තියෙන්නේ ?
    "conditions තියෙනවා....මට තියෙන්නේ U S A contract...මුලින්ම Permission ගන්නේ මගේ
husband ගෙන්....මොන conditions තිබ්බත් husband ගෙන් තමයි මුලින්ම ගන්නේ....මම කරනදෙයින් එයා සතුටු
වෙන්නත් ඕනනේ..එයා අකමැති දෙයක් කරනවන්ම් මම සාර්ථක නෑ...."

•අවසාන වශයෙන් දැනගන්න කැමති ඔයාව දැකලා.. ඔයා වගේ ලෝක විවාහක රූ රැජිණක් වෙන්න පෙරුම්පුරන කෙනෙක්ට  මොකක්ද දෙන අවවාදය ?
      "මුලින්ම කරන්න ඕන husband ගෙන් අවසර ගන්න....husband ගේ ආශිර්වාදය ඕනමයි....එයාගෙන් එන support එක වෙන කාටවත් දෙන්න බෑ....marry කරලා දරුවෝ ඉන්නවා කියලා goal එක නැතිකරගන්න එපා...."

•රඟපාන්න අවස්ථවක් ආවේ නැද්ද ?
       "ආවා......බලමු නේද....waiting for a good opportunity..."

•මොකක්ද ඔබ බලාපොරොත්තුවෙන opportunity එක ?
     "I would  like to go international level....ලංකාවේ ආසයි...ලංකාව touch කරගෙන international යන්න ආසයි....මගේ ඊලඟ goal එක ඒක තමයි...."

•කව්ද  ලංකාවේ  කැමතිම නළුවා ?
            "හැමෝම හොඳයි...."

•කව්ද  ලංකාවේ  කැමතිම නිළිය ?
             "හැමෝම හොඳයි....හැමෝම හොඳට රඟපානවා..."

•මීළඟ ලෝක රූ රැජිණ ලංකාවෙන් තේරෙන්න ඔබට දෙන්න පුළුවන් SUPPORT එක කොහොමද ?
           "මම 100% දෙනවා...මම වින්ද දුක මහන්සිය ඊළඟ කෙනාට දෙන්න මම කැමති නෑ....මම හැම විදිහකින්ම උපරිම SUPPORT එකක් දෙනවා...."

සාකච්ඡා කළේ -ළහිරු මුදලිගේ