pavithra-speaks

තමන් ඉතා වෙහෙස මහන්සියෙන් යුතුව කටයුතු කරන නිසා මේ වනවිට ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දනය සාර්ථක වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මිය පවසයි.

"අද කොවිඩ් 19 රෝගය මර්දනය කිරීමේ කටයුත්ත අපි සාර්ථකව කරගෙන යනවා. අද ලෝකයේ කොවිඩ් 19 සම්බන්ධයෙන් තුන්වෙනි රැල්ලක් මතුවෙලා තියෙනවා. අපේ අල්ලපු රට ගත්තොත් ඉන්දියාවෙ දවසකට ලක්ෂ දෙකක් පමණ රෝගීන් හමුවෙනවා. අප වෙහෙස මහන්සිවෙලා කටයුතු කරන නිසා තමයි අද ලංකාවේ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව අඩුවීගෙන යන්නේ. ඒවගේම මරණ සංඛ්‍යාව අඩුවීගෙන යන්නේ. සුවපත් වෙලා ගම්බිම් බලාගෙන යන පිරිස වැඩිවෙලා තියෙන්නෙ.

එහෙම කටයුතු කරන්නෙ නෑ කීම ඉතාම අසත්‍ය චෝදනාවක්. අපට මතකයි විපක්ෂය ඔය ආකාරයෙන්ම චෝදනා කළා කොවිඩ් 19 සම්බන්ධයෙන් අපේ එන්නත්කරණ වැඩසටහන අසාර්ථකයි කියලා. අපි ඉතා සාර්ථකව ඒ කටයුතු කරගෙන යනවා" යනුවෙනුයි ඒ මහත්මිය සඳහන් කළේ.

ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (17) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.