mrs-sri-lanka2021-issue

පසුගියදා ආන්දෝලනයක් ඇති කළ ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ අවසන් තරඟය සඳහා සහභාගී වූ 20 දෙනාගෙන් කිහිප දෙනෙකු කොළඹ දී ඊයේ මාධ්‍ය හමුවක් පවත්වා තිබේ.
එහිදී ඔවුන් කරුණු දක්වමින් පවසන්නේ මෙම කිරුළ නීති රීති අනුව පැවැත්වූයේ නැති බවයි. පුෂ්පිකා ද සිල්වා ට කිරුළ ලබාදීමට තමන්ව පාවිච්චි කළ බවයි.

නීති අනුව සක්‍රීය විවාහ ජීවිතයක් පවතින අය පමණක් තරගයට ඉදිරිපත් විය යුතු අතර ස්වාමියා සමග තරගයට ඉදිරිපත්වීමද අවශ්‍ය කරුණක් ලෙස පැවතියත් පුෂ්පිකාට නැති එම සුදුසුකම සංවිධායකයින් නොතකා හැර ඇති බව පෙනී ගිය බවයි. පුෂ්පිකා තරග නීති උල්ලංඝනය කරමින් තරගයට ඉදිරිපත්ව ඇති බව දැනුණත් ඒ වෙනුවෙන් සටන් කරන්නට යාමට තමන්ට විශේෂ උවමනාවක් නොපැවති බවත් තමන්ගේ පාඩුවේ තරගයේ රැඳී සිටි නමුත් පක්ෂපාතී තීරණ දිගින් දිගටම ලැබුණ බව ඔවුන් කියා තිබේ. ඒ අනුව තවදුරටත් කටවල් වසා නොසිටීමට තීරණය කර මෙම මාධ්‍ය සාකච්ඡාව පවත්වන බව ඔවුන් දන්වා ඇත.
එම තරගයේදී පළමුව ඉදිරිපත් කර තිබූ නීති මාලාව අපැහැදිලි තත්ත්වයක් මතු වූ බවද අර්බුදය මතුවූ පසු සංවිධායකයින් පුෂ්පිකාගේ පාර්ශ්වයට තවත් පක්ෂපාතීවීම අදහන්නට අපහසුවූ බවද තරගකාරියන් දන්වා තිබේ.

මේ අතර තරගයේ දෙවැනි හා තෙවැනි තැන ගත් තරගකාරියන් දෙදෙනා දන්වා සිටියේ කැරොලයින් ජූරි කිරුළ ගලවන්නට යාමෙන් පුෂ්පිකාගේ හිසට සීරීම් තුවාල ඇතිවූ බවට එල්ල කර ඇති චෝදනාව ව්‍යාජ බවත් තමන් දෙන්නා එම අවස්ථාවේ එතැනදී දුටුවේ ක්ලිප් ගලවන්නට දැරූ උත්සහය පමණක් බවයි.

එහිදී ලෝක විවාහක රූ රැජින ලෙස කැරොලයින් ජූරිගේ හැසිරීම නිවැරදි බව ද පැවසූ එම පිරිස පුෂ්පිකා ද සිල්වාට විශේෂ සැලකීමක් සිදු කරමින් ඇය ජයග්‍රහණය කරවීම සඳහා සැලසුම් සහගතව කටයුතු කළ බවක් පෙනෙන්නට තිබූ බවද මේ අය පැවසූහ.
අදාළ වීඩියොව පහතින්