
stage එක පිටිපස්සේ ලොකු ගොරියක් වෙලා තියෙනවා. නෙළුම් පොකුණේ ගොඩක් දේවල් damage වෙලා කියලා පොලිසියට complain එකකුත් ඇවිත් තිබුනා. ඇත්තටම මොකද්ද ඒ පිටිපස්සේ වුනේ?
පහරවල් සම්බන්ධ දෙයක් නම් එතන සිද්ධ වුනේ නැහැ. නමුත් උණුසුම්කාරී තත්ත්වයක් බහින්බස්වීමක් ඇතිවුනා. අලාභ හානි ගැන කතා කරන්න මම හිතනවා කාටවත් දැන් අයිතියක් නැ කියලා මොකද උසාවියට මේ සම්බන්ධ කරුණු යෝජනා වෙලා තියෙන නිසා. එක නිසා අලාභය ගැන කියන්න බැහැ.නමුත් පසුපස උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුනා පුෂ්පිකා ද සිල්වා crown කරාට පස්සේ. එතන මම හිටියා සහ contestant ලාගේ husband ලා වගේ පිරිසක් ඇවිල්ලා එතන උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුනා.
ඇයි එයාට crown එක හම්බවෙනවට කෑගැහුවේ?
ඒක මටත් ප්‍රශ්නාර්තයක් තාම.. මම තමයි මාස 3ක් පුරාවට මේ තරඟයට සහභාගි වුන සියළුම තරඟකාරියන්ගේ official choreographer . ඇතත්ටම choreographer කියන වචනය මේ පැජනට් එකක් ඇතුලේ ගොඩක් දෙනෙක්ට idea එකක් නැ. මොකද සමාජ මාධ්‍ය වල මම දකිනවා සමහරු දාන comments වලදී එහෙමයි කියලා. සමහරු කියනවා ඔයා ගහපු photo එක කැතයි ,ඔයා කරපු dance එක කැතයි ඒත් choreographer කෙනෙක් පැජනට් එකක් ඇතුළේ හාත්පසින්ම වෙනස්. මේ ළමයි මගේ ළඟට එන්නේ train වෙන්න. මේ පැජන්ට් එකේ මගේ job roll එක තමයි මෙතන එන කෙනා සමහරවිට එයාලා මේ industry එකේ හිටපු අය නෙමෙයි ඉතිං මේ අයව කෙහොමද මේ පැජන්ට් එක ඇතුළට ආවට පස්සේ finale එකට ready කරන්නේ සහ international යන්න ready කරන්නේ. මේක ලොකු process එකක්. මේකේදී අපේ තිබ්බා unity එකක්. ඔක්කොම ඇත්තටම family එකක් වගේ. හැබැයි මේ family අවසාන crown කරන moment එකේදී වුන සිද්ධියත් එක්ක අදටත් මම කම්පා වෙනවා සහ අදටත් මට එක ප්‍රේහෙලිකාවක්.
එකට හේතුව?
එතන crown moment එකෙන් පස්සේ winners ලා ඉස්සරහට ගියා. runner up ලා දෙන්නත් එක්ක පුෂ්පිකා. ඒ වේලාවේ මම හිටපු පැත්තට එහා පැත්තෙන් මට ඇහුණා විශාල ශබ්දයක් එනවා. පුෂ්පිකාගේ නම කියලා මේක පුෂ්පිකාට deserve නැ කියන එක තමයි සරලව කිව්වොත් කියන්නේ. ඒ වේලාවේ මට එකට involve වෙන්න වුනා මොකද official choreographer විදියට.ඒ වේලාවේ මම ගිහිල්ලා backstage හිටපු අයගෙන් ඇහුවේ මොකද්ද ප්‍රශ්නේ කියන්න කියන එක. ඒ ප්‍රශ්නේදී එයාලා කෑගලා කියපු දෙයක් තමයි කොහොමද පුෂ්පිකාට දුන්නේ? මෙතන faveration එකක් වුනා.ඔයාලා plan කරලා තමයි මේක කරේ. මේ වගේ දේවල් කිව්වා.
එතකොට චූලා කෙහෙද හිටියේ?
චූලා ඒ වේලාවේ stage එක ඉස්සරහා තමයි හිටියේ මට මතක විදියට. චූලා සහ කැරොලයින් stage එක ඉස්සරහා හිටියා වගේ මතකයක් තියෙනවා.
එතන ගහගත්තාද කවුරුහරි ? අලාභහානි සිදුවෙන්න මොනවාහරි වුනාද?
මම දැක්ක දේ තමයි නෙළුම් පොකුණ පරිශ්‍රයේ අපි දන්නවා pointed hills දාලා ඇවිදින්න බැහැ. ඒක නීතියක්. එකට අපි model කරද්දී එක රැම්ප් එකක් හදලා තිබ්බා. runner way path එකක් හදලා තිබ්බා අපි. ඒ Path එක ඇතුළේ තමයි මේ සියළු දේ කරේ. නමුත් මේ උණුසුම්කාරී තත්ත්වයත් එක්ක ගොඩක් අය stage එකට එන්න හැදුවා සහ ඒ ඒ මත සිද්ධියත් එකක් තමයි මේ stage එකට ගොඩක් අය එන්න යන්න ගත්තේ. ඉතිං නෙළුම් පොකුණෙන් කියන විදියට මේ carpets damage වෙලා තියනවා කියන එක වාර්තා කරා අපිට. එකෙදි මොන පැත්තේ carpet එකද මොක විදියටද කියන එක දැන් ඉතිං අපිට කතා කරන්න අයිතියක් නැ මට හිතෙන්නේ. නමුත් මට event producer හිටියේ කාවිංග පෙරේරා සහ ටේරන්ස් තමයි එතන coordinate හිටියේ. ටේරන්ස් මට එදාට පස්සේ දවසේ කිව්වා යම්කිසි තව සිද්ධිදාමයක් ඒ තිබ්බ rooms ඇතුළේ වෙලා තියනවා කියලා දැනුනා වීදුරු කඩපු දෙයක් කියලා. මම එක ගැන ඊටපස්සේ නම් හොයන්න ගියේ නැහැ.
ඇයි ඔයා කියන්නේ පුෂ්පිකා සුදුසු නැ ඔයාත් ඒ මතේද ඉන්නේ?
මම ආවේ කටවත් පාක්ෂපාතීත්වයක් දක්වන්න නෙමෙයි.මේක ඇතුළත මාස 2ක් පුරාවට මේ වුන සිද්ධිය දැකපු කෙනෙක් සහ මේකේ සමහරවවිට මම දැක්කා social media වලින් ගොඩක් ප්‍රශ්න නගලා තියෙනවා. සමහරු social media එකට ඇවිත් එක එක විදියේ අර්ථ දැක්වීම් කරනවා. සමහර ඒවා හාත්පාසින්ම වෙනස්. මගේ පළවෙනි point එක තමයි මම choreographer විදියට ගොඩක් අය අහන ප්‍රශ්නයක් තමයි සති දෙකක් ගිහිල්ලද ඇහැරුනේ? ඇතත්ටම මම සති දෙකක් යනකන් බලාගෙන හිටියේ මේ හැමදේම සමථයකට පත්වෙයි කියලා. එත් මේක තවදුර යනවා නිසා තමයි මම involve වෙන්න හිතුවේ මේක තවත් යනවාට වඩා මේත මෙතනින් නවත්තන්න ඕනි නිසා. මොකද කැරොලයින් ජූරිගේත් ලංකාවේත් නිල පුහුණුකරු 2019 මම.
කවුද වැරදි කෙලින්ම කියන්න?
මෙතන වරද එක්කෙනෙක්ට කියලා ඇඟිල්ල දික් කරන්න මම කැමති නැහැ. මට එකට එච්චර සුදුසුකමක් නැතුව ඇති. මම මෙතනට ආවේ කැරොලයින් එදා final එක දවසේ stage එකේ කරපු දේ මම අනුමත කරන්නේ නැහැ. එක අපි හැමෝටම වුන damage එකක්. මැයගේ සිද්ධිදාමයක් උදෙසා එක්කෝ එයාගේ කෝපය හින්දා නැත්තම් වෙන කෙනෙක් මානසිකව ඇයව එ තත්වේට ඇඳ දැම්මා නිසා වෙන්න පුළුවන්.
ඇයව එහෙම කවුරුහරි එ මානසික තත්වේට ඇඳ දැම්මද?
අනිවාර්යෙන්ම.
කවුද එහෙම ඇඳ දැම්මේ?
කවුද ඇඳ දැම්මේ කියලා සෘජුව ඇඟිල්ලක් දික් කරන්න බැහැ. නමුත් එහෙම නම් එකේ පිටුපස තියෙන්නේ මානසිතක්වය ඒ තැනට වෙනස් කරේ කවුද එයා එහෙම හැසිරුණෙ ඇයි එකට හේතුවක් තියෙනවා නම් හේතුව මොකද්ද සහ එයා final එකට කලින් දවසේ මම දැක්කා whatsapp official group එකක් අපිට තියෙනවා. එකට එයා දාලා තිබ්බා මම final Jude board එකේ වාඩි වෙන්නේ නැ මම step down කරනවා කියලා.step down කරනවා කියන එකේ තේරුම ඇයගෙන් තමයි මට දැනගන්න වෙන්නේ මොකද ඇය තාම ඒ ගැන සඳහනක් කරේ නැහැ.
එතකොට චන්දිමාල් සහ පුෂ්පිකා හරිද ඔයා කියන විදියට?එයාලගෙන් වරදක් සිදුවුනාද මේ පැජන්ට් එකේ?
චන්දිමාල්ගෙන් මේ පැජන්ට් එකට වරදක් වුනා කියලා මම දකින්නේ නැ. සහ පුෂ්පිකාගෙනුත් වරදක් වුනා කියලා මම දකින්නේ නැහැ. මෙකෙන් ගොඩක් දෙනෙක් අහන්නේ පුෂ්පිකා divorce ද separate ද එහෙම කෙනෙක්ට එන්න පුළුවන්ද ඒ වගේ තර්කනේ පුෂ්පිකාගේ වරද ගැන කතා කරන්න තියෙන්නේ. පුෂ්පිකා ද සිල්වා කියන කෙනා මේ පැජන්ට් එකට එද්දි audition එකෙදී ඔය ප්‍රශ්නය මතුවුනා. එතකොට කැරොලයින් ජූරි මුලින්ම කිව්වා separate නම් මෙකට එන එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා.එතකොට national director විදියට චන්දිමාල්ට මම සහ Jude board එක අපි හැමෝම ඉන්න තැන තමයි මේ audition එක වුනේ. එදා දවසේ පළවෙනි audition එකෙන් පස්සේ චන්දිමාල් සහ මම මේ ගැන කතා කරා. දැන් අපි මොකද්ද කරන්නේ පුෂ්පිකාගේ ප්‍රශ්නේට. චන්දිමාල් ජයසිංහ කිව්වා හොඳම දේ තමයි මේක අපි කරන්න ඕනේ international organizations එකෙන් එයාලා දැනුවත් කරලා එයාලාගෙන් තමයි අපිට idea එකක් ගන්න වෙන්නේ. අපේ හිටිය lawyer ලාගෙන් ඇහුවාම දැන් Mrs කියන category එකෙදී මෙයා divorce නැ marriage certificate එක අපිට ගෙනත් පෙන්නලා තියෙනවා. නඩුවත් යනවද නැද්ද කියන එකේදී මෙයාව අපි disqualified කරනන් හේතුවක්ද කියලා අපි අහනකොට ඔවුන් කිව්වේ ලංකාවේ නීතියේ හැටියට divorce කියලා ගන්නේ අපේ ගරු අධිකරණයෙන් දෙන තීන්දුව මත. එතකොට international වලින් චන්දිමාල් එ ඒකක්ම කතා කරලා කිව්වා මම international කතා කරා. ඒ කතා කරපු එකේදී international ඉන්න වගකිවයුතු බලධාරීන් දැනුවත් කරලා තියෙනා එයා marriage life එකක ඉන්නවා නම් එයා separate ද එයාගේ husband ඉන්නවද නැද්ද අදාල නැ...
අපිට ආරංචි මාර්ග අනුව කැරොලයින් ළඟ තියෙනවාලු judge board එක results දුන්න ඒවා phone එකෙන් photo ගහලා තියෙනවලු එයා ළඟ.ඇයි මොගොල්ලෝ සියලුදෙනා මේ තරයේ හිටි අනිත් කාන්තාවෝ සියලුදෙනා press conference එකක් තියලා මේක සම්පුර්ණ plan එකක් setup එකක් කියලා මෙයාලා කියනවා. ඇයි එහෙම කියන්නේ?
පුෂිිකාට කෙහේහරි faveration එකක් වෙලා තියනවා නම් අනිවාර්යෙන්ම අපි action එකක් ගන්න ඕනේ. කිසිසෙත්ම එහෙම faveration එකක් වුනේ නැ. එතකොට මෙකෙදී පළවෙනියටම මතු කරපු ප්‍රශ්නේ තමයි ඇයි මේ අම්මලාගේ බාබාලාත් එක්ක husband එක්ක stage එකට final එකට එන්න දුන්නේ නැත්තේ.පහුගිය අවුරුදු දෙකේම එන්න දුන්නා. එ ප්‍රශ්නේ තමයි මත කරේ පළවෙනියට ඇයි එහෙම කරේ පුෂ්පිකාගේ husband එන්නේ නැති නිසාද? මේක තීරණේ කරේ මම නෙමෙයි.චන්දිමාල් නෙමෙයි.කැරොලයින් ජූරී. කැරොලයින් ජූරී එක තීරණේ කරේ පුෂ්පිකාට ගහන්නවත් අනිත් contestant ලාට against වත් නෙමෙයි. එයාම තමයි තීරණේ කරේ family එකේ කවුරුත් stage එකට ගන්න එපා කියලා. මම එක සියයට සියක් වගකීමෙන් කියන්නේ. මම මෙතන ඉන්න හැමකෙනාම වෙනුවෙන් පෙනි ඉන්න කෙනෙක්. කැරොලයින් ජූරි ගේ ගෙදර මම, චන්දිමාල් කැරොලයින් ජූරි ගේ husband ඊටපස්සේ තව අපේ production ඉන්න නිමේෂ් අපි ඔක්කොමලා ගියා. ගිහිල්ලා අපි මේක කෙහොමද plan කරන එක ගැන කතා කරා. කැරොලයින් ජූරි කිව්වේ නෙළුම් පොකුණ theater එකේ මේක අපි කරනවා නම් මේක ලංකාවේ ලොකු theater එකක්. එතකොට අපිට පැය 4ක time එකක් තමයි හම්බ වෙන්නේ මේ show තියන්න. එතකොට husband ලා ගෙන segment එකේදී මේක drag වෙයි. අපිට වේලාව balance කරගන්න බැරි වෙයි. මොකද අපේ segments තුනක් තිබ්බා. එයාම තමයි මේ ඒ නිසා අයින් කරන්න කිව්වේ.
එතකොට චූලා කිව්වා පුෂ්පිකා stage එකේ එනකොට lightning පවා එයාව focus කරලා හැදුවා කියලා. ඇත්තද එක?
එක ඉතාම තරයේ මම ප්‍රතික්ෂේප කරනවා. අපි යම්කිසි කෙනෙක්ට චෝදනාවක් කරනවා නම් කරුණු කරණා ඇතුව චෝදනා කරන්න ඕන.
ඔබ මේ තරඟයට නොමිලේද වැඩ කලේ? නැත්තම් චන්දිමාල්ගෙන් ලොකු මුදලක් හම්බ වුනාද මේකට?මොකද චුලා කිව්වා ගෙවීමක් ඇයට කරේ නැ කියලා.
මම 2019ත් 2021ත් සතපහක්වත් නොගෙන තමයි මේ පැජන්ට් එක කරේ. එවගේම අනිත් අය අහපු ප්‍රශ්නය තමයි ඒ දෙදෙනා බීලාද හිටියේ කියන එක.එත් මම පෞද්ගලිකව එක විශ්වාස කරන්නේ නැහැ.
එක් පර්ශවයකින් චෝදනාවක් තියෙනවා තරය ජයග්‍රාහණය කරන්නේ මේ දේශපාලන බලය පාවිච්චි කර කියලා.එහෙම දේශපාලන බලය පාවිච්චි වුනාද?
ඔතන දේශපාලනයට සම්බන්ධ හෝ දේශපාලන සම්බන්ධකම් තියෙන දෙන්නෙක් හිටියා. එකක් පුෂ්පිකා ද සිල්වා. අනිත් පැත්තෙන් ආශියා බස්නායක. මම දෙපැත්තෙන්ම මධ්‍යස්ථව බැලුවොත් මට කිසිම කෙනෙක්ගේ දේශපාලන මැදිහත්වීමක් පෙනුනේ නැ.
ඔබ අද පොලිසි ගියා නේද?
නැ ..අද නෙමෙයි පෙරේදා ගියේ.. පුෂ්පිකාට favor කරා කියලානේ ගොඩක් අය කියන්නේ. පුෂ්පිකාට ද සිල්වා crown එක win කරලා ඒ incident එකෙන් පස්සේ පළවෙනියාට ගිහිල්ලා කුරුඳුවත්තේ පොලිසියේ entry එකට national director සහ මට විරුධව තමයි entry එක දාලා තියෙන්නේ සංවිධායක කමිටුවට විරුධව. එයාට crown කරාට පස්සේ ඒ සිදුවනු incident එකට අපිත් හවුල්. මොකද එයා අපෙන් අහන ප්‍රශ්නේ තමයි ඇයි මේක stage එක bling කරේ නැත්තේ ඇයි blackout එකකට ගියේ නැත්තේ ඇයි voice දුන්නේ. ඇත්තටම එක අපේ පැත්තේ ප්‍රශ්නයක් නෙමෙයි. පුෂ්පිකා ද සිල්වා අද මට කතා කරා. ඊයේ උසාවි ගිහිල්ලා සහ අපි ඊටපස්සේ කුරුඳුවත්තේ පොලිසියේ කතා කරා. පුෂ්පිකා ද සිල්වා මමත් චන්දිමාල් ගැනත් පැහැදීමකින් නෙමෙයි ඉන්නේ. ඇය ගොඩනගන තර්කය තමයි ඔයාලාට එන්න තිබ්බා උසාවියට ඔයාලා ආවේ නැ.ඊට අමතරව ඔයාලට පොලිසියට එන්න කිව්වත් ඔයාලා තාම active නැ. මට ඔයාලාවත් විශ්වාස කරන්න බැහැ. ඊයෙත් අපිට පොලිසියට යන්න සිද්ද වුනේ ඒ පුෂ්පිකා ගන්න ක්‍රියාමාර්ග හරහා.
ඇයට දැන් crown එක හම්බ වුනානේ ඇයි මේක ඇයට ඉවර කරන්න බැරිද?
ගොඩක් දෙනෙක් බලන්නේ මේක දිගටම ඇඳගෙන ඇඳගෙන යන්න.. මටත් ඕනි එතැන එන්න තමයි. මේකෙදී අපි එක අඩියක් පස්සට ගන්න ඕනේ. flexible වෙන්න ඕනේ.එතකොට තමයි මේ ප්‍රශ්නේ විසදෙන්නේ. කැරොලයින් ජූරි කිරුළ අරන් එනකොට මල්මාල දාලා පිළි අරගෙන අද වෙනකොට කැරොලයින් ජූරි ව උසාවියට යනවා කියන්නේ මේක අනිත් අයට ලැජ්ජයි.නමුත් මම ගුරුවරයෙක් , චන්දිමාල් national director .මේ අපිට දැනෙන වේදනාව අනිත් අයට මම හිතන්නේ නැ එචච්රට දැනෙයි කියලා. මොකද කැරොලයින් අපි ළඟට ආව විදිය අපි train කරපු විදිය අපි ඒ කාලේ ගත කරපු විදිය හරිම සුන්දර කාලයක්. දැන් ඇය ඒ තැනින් මිදිලා මේ වගේ තැනකට යද්දි අපිට බලන් ඉනන් සහ අපි අසාවෙන් කරන දෙයක් නෙමෙයි. නමුත් අපි නීතියක් ඇතුළේ වැඩ කරන්නේ.මම හිතනවා තමත් කැරොලයින්ට , පුෂ්පිකාට, චන්දිමාල්ට ,මට ,චූලාට අපේ team එකටම එකට එකතුවෙලා media එකකදී ඕන නම් කතා කරන්න.
ඇයි කැරොලයන් කැමති නැද්ද ප්‍රසිද්ධියේ සමාව අරගන්න?
සමාව ගැනීම තුළින්ම මේ ප්‍රශ්නේ ඉවර වෙන්නේ නැහැනේ. පර්ශව දෙකින් මේකට කරුණු එනවා. මම දැක්කා අපේ contents ලා press conference එකක්. press conference එකෙදී මෙයාලා කියනවා මේ මේ විදියට favor කරා කියලා. නමුත් මම දැන් එකට උත්තරයක් දුන්නා. ඒ උත්තරෙත් එක්ක තේරෙනවා ඇති මේක අපි plan කරලා කටවත් කරපු දෙයක් නෙමෙයි. international platform එකක් ලංකාවේ හදන්න කැරොලයින් ඒ තීරණ ගත්තේ සත්භාවයෙන්.
අහලා තියන විදියට ලංකාවේ තියෙන ගොඩක් පැජන්ට් පටන් ගන්නකොටම කියනවා ලක්ෂ 12ක් 15ක් කලින්ම කතා වෙනවලු මේ deal එක දිනන්න ඉස්සෙල්ලා. එහෙම දේවල් වෙනවද ලංකාවේ?
ඕව් ඇත්තටම එහෙම දේවල් වෙනවා. හැබැයි මම අත්දැකීම් ලබලා නැහැ. මම එවගේ පැජන්ට් වල ඉඳලත් නැහැ. නමුත් choreographer කෙනෙක් විදියට සමහර මම වැඩ කරපු පැජන්ට් වල ඒ වගේ දේවල් වෙනවා හෝ වුනා කියලා දැනගත්ත ගමන් මම ඊට විරුද්ධව කතා කරලා තියෙනවා.
මේ සිදුවීම වෙද්දී ඔයා හිටියේ කොතනද?
choreographer කෙනෙක් කියන්නේ stage එක ඉස්සරහා ගිහින් ඉඳගෙන ඉන්න කෙනෙක් නෙමෙයි.මගේ segment දෙකක් තිබ්බා. එ segment දෙක තමයි slow ම segment දෙක. පළවෙනියෙන්ම traditional Kandyan segment එක. මේක විශේෂයි. මේ තරඟාවලියට මම දැක්කා පිටස්තර පුද්ගලයන් විසින් අකමැත්තක් තියනවා සහ මේක කඩාකප්පල් කරන්න උත්සහා කරනවා කියලා.මගේ පළවැනි segment එකේ traditional Kandyan එකක් කියන්නේ අපි දන්නවා අපේ සංස්කෘතියත් එක්ක අපිට සෙල්ලම් කරනන් බැ එදාට. මම එකට පාවිච්චි කරා යම්කිසි music එකක්. මම මේක දැම්මේ සත්භාවයෙන්.. අපේ රටේ කෙනෙක්ව දිනවන්න දෙන්න පුළුවන් තැනක්. එතකොට ඒ composer මට කතා කරා. ඒක මම විසඳගත්ත ක්‍රමයක් තියෙනවා. නමුත් එතන ප්‍රශ්නේ වුනේ එක නෙමෙයි. මෙකෙදී ඒ අදාළ පාර්ශව වලට ඒ composer එයාටත් මම විශේෂයෙන් ස්තුතියි කරන්න ඕනේ සහ අමරදේව ශුරින්ගේ පදනම සහ එතුමාගේ විශේෂයෙන් ප්‍රතාට ස්තුතියිවන්ත වෙන්න ඕනේ. මට එකට අවසරය ඇත්තටම දුන්නා. ඊටපස්සෙ මම එ සිංදුව event එකේ පාවිච්චි කරා.
Comments
Post a Comment
Your comment will be visible after approval