සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් පයාගල නාගහ දූව ප්‍රදේශයේ පැවැත්වූ විවාහක
අවිවාහක  ක්‍රිකට් තරගයෙන් අනතුරුව තවත් පුද්ගලයන්  එකොළොස් දෙනකු ට කොරෝනා වෛරසය ආසාධිත


වීමත්  සමගම  බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ සමස්ත  ආසාදිතයන්ගේ සංඛ්‍යාව 27
දක්වා ඉහළ ගොස් ඇතැයි කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ හා  කළුතර නාගොඩ මහ රෝහලේ අධ්‍යක්ෂක
වෛද්‍ය තමර කළුබෝවිල මහතා පැවසීය.

ඒ අතර  පුද්ගලයන් 15 දෙනෙකු නාකන්දල ගොඩින් වාර්තා වී ඇතැයි අධ්‍යක්ෂකවරයා කිය. එම
ප්‍රදේශයේ පවුල් 11 ක් මේ වන විට ස්වයං නිරෝධායනය ට  ලක්කර ඇතැයි අධ්‍යක්ෂකවරයා කිය.

ප්‍රදේශයේ කොරෝනා ආසාදිත රෝගීන්ගේ   වර්ධනයක් පවතිද්දී ඒකරාශී ගේම් නොකරන ලෙස සෞඛ්‍ය
අංශ ජනතාව කොතරම් දෑනූවත් කළත් එම උපදෙස් නොතැකීම හේතුවෙන් මෙවැනි තත්ත්වයක් හටගෙන ඇති
බව කලුබෝවිල  මහතා කීය.

එම ක්‍රිකට් තරගයට සහභාගි වූ  පුද්ගලයන් සහ ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් එළඹෙන 26 වැනි දින
පි සි ආර් පරීක්ෂණ වලට යොමු කිරීමට නියමිතව ඇතැයි අධ්‍යක්ෂ කර වැඩිදුරටත් පැවසීය.

(බිමල් ශ්‍යාමන්)