
හෙට (12) රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇතත් එම නිවාඩුව රාජ්‍ය හා පෞද්ගලික බැංකුවලට අදාළ නොවන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේය.
මෙම නිවාඩුව සිකුරාදා සවස රජය දැනුම් දුන් අතර එය ප්‍රසිද්ධ කළ ආකාරයේ පැවති පමාව හා නොපැහැදිලිතාව නිසා අදාළ බලධාරීන් වෙත මෙන්ම මාධ්‍ය ආයතන වලටද විවිධ ඇමතුම් හා විමසීම් ලැබී ඇත.
මෙම නිවාඩුව රජයේ විශේෂ නිවාඩුවක් පමණක් වන අතර බැංකු හා වෙළෙඳ නිවාඩු ගණයට නොවැටේ.
ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා,
“10,11 සෙනසුරාදා නිවාඩුවක් තිබුණේ ඒ වාගේම 13, 14 අවුරුද්දට නිවාඩු තියෙන නිසා සඳුදා විතරයි මැද දවසක් වශයෙන් රජයේ කාර්යාල වැඩකරන දිනයක් විදිහට තිබුණේ. ඉතින් ඒ නිසා විශේෂ ඉල්ලීමක් තිබුණා රජයේ අයට පහසුවක් සැලසෙන්න. රාජ්‍ය සේවකයින් මේ කාර්යාල ඇරලා තියෙනවාට වඩා නිවාඩුවක් දුන්නම් වැඩිය හොඳයි කියලා. ඒ නිසා තමයි අපි සඳුදා දින විශේෂ නිවාඩු දිනයක් ලෙස පත්කරේ. සඳුදා බැංකු සහ අනෙක් අවශ්‍යතාවයන් තියෙනවා. ඒ නිසා හෙට නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කළද, එය බැංකු හෝ වෙළෙඳ නිවාඩු සඳහා අදාළ වන්නේ නැහැ. “
Comments
Post a Comment
Your comment will be visible after approval