•චන්දිමාල්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය මොකක්ද ?
      මම නියැලිලා ඉන්න වෘත්තිය තමයි මගේ ප්‍රධාන  ආදායම් මාර්ගය....නමුත් බොහෝ අය බොහෝ කතා කියනවා මට .....මගේ ප්‍රධාන වෘත්තිය මගේ SALON එක තමයි...



•හම්බකරගත්ත සල්ලි නිසා නෙවෙයිද ඔබ ජනප්‍රිය උනේ ?
     ඔව්...මම  සල්ලි නිසාම නෙවෙයි ජනප්‍රිය උනේ...මම අවුරුදු 20 ක් මගේ වෘත්තියේ නියැලුනාට මිනිස්සු මාව දැනගන්නේ 2018 මගේ ROYAL PARTY එකෙන්...හැමෝම හිතුවා මම ඒකට ගොඩාක් සල්ලි වියදම් කලා කියලා...මම සල්ලි වගේම මිනිස්සු හම්බකරගත්ත කෙනෙක් ඉතිං ඒ ඔක්කෝම එක්ක තමයි ඒ දේ කලේ....



•BRIDE කෙනෙක් ඔබ ගාවට ආවම එයා කරන JOB එක එයාගේ STATUS බලලද ගාන කියන්නෙ...?
එහෙම කියන අය ඇති මම එහෙම නැහැ....කවුරුහරි කෙනෙක් මං ගාවට ආවොත් මගෙන් අන්දගන්න කැමති කියලා මම ඒ දේ කරනවා..මොකද මම සල්ලිම බලා පොරොත්තු වෙන්නේ නෑ...ලක්ශ 5 කරනදේ පනස්දාහකින් වගේ කරන්නත් පුළුවන්....

•beauty pageant වලට යන්නේ නැති අය කියනවා ඔතන ඉන්න අයට වඩා ලස්සන අය එළියේ ඉන්නවා කියලා...ඒ ගැන මොකද හිතෙන්නේ?

 එහෙම අයට මට කියන්න තියෙන්නේ මෙච්චර කල් මොකද කළේ...එහෙම අය කොහෙද හිටියේ...

•ඇයි ඔවුන් මේවට එන්න කැමති  නැත්තේ ?
ඒ ඔවුන්ට ඔවුන් ගැන විශ්වාසයක් නැතිකම....මුලින්ම සටනට ඇවිත් බලන්න ඕන මේ දේ මොන වගේද කියලා.....හැමෝම කියනදේ අහලා හිටියනම් අපිට අද MRS WORLD රෝසී සේනානායක,කැරොලයින් ජූරී වගේ අය නැතිවෙන්න තිබ්බා...ඒ නිසා පිට ඉදලා බලන්නේ නැතුව ඇවිත් බලන්න කියලා මම ආරාධනා කරනවා...ලස්සන අය ලංකාවේ ඕනතරම් ඉන්නවා...මමයි කැරොලයින් ජූරී ACADEMY එකක් පටන්ගන්නත් හිතාගෙන ඉන්නවා...කැරොලයින් ජූරීටත් කියලා තිබුනා මේවට යන්න එපා කියලා හැමෝම....

•pageant ඉවර උනාට පස්සේ හැමෝම කියනවා මේ pageant එක ඇතුලෙත් CROWN කරපු කෙනාට වඩා ලස්සන අය හිටියා කියලා ඒ ගැන මොකද හිතෙන්නේ...?

මම මේ අවුරුදු තුනේ හොඳ පාඩම් ඉගෙනගත්ත කෙනෙක්....2018 දී  දිනපු කෙනා ඇරෙන්න හැමෝම තරහා උනා..ඊළඟ එකේ එක්කෙනෙක් තරහා උනා...දැන් මේකෙ දී  මොනා වෙයිද කියලා මම දන්නේ නෑ මම හරි දේ කරනවා...ජය පරාජය හැමෝම දරාගන්න ඕන...විනිශ්චය මණ්ඩලයක් තමයි මේ අය තොරන්නේ....

•pageant පැවැත්වෙන කාලය තුල රටේ ප්‍රසිද්ධ ජනප්‍රිය චරිත වලින් එන්නේ නැද්ද මේ කෙනා තොරන්න කියලා බලපෑම්....?
     මටත් වඩා එන්නේ විනිශ්චය මණ්ඩලයට....එහෙම බලපෑම් කරලා මාව ටිකක් නම්මගන්න අමාරුයි.....

•මොන විදිහේ අයගෙන්ද බලපෑම් එන්නේ...?
       බොහෝ වෙලාවට ඇඳුරුම්කම් වලට තමයි එහෙම වෙන්නේ...

•චන්දිමාල් ජයසිංහට වරයක් දුන්නොත් මොනවද ඉල්ලන්නේ....?
       මට ජීවිතයේ හැමදේම ලැබිලා තියෙනවා...මට එහෙම ඉල්ලන්න දෙයක් නෑ...ඒත් මම කැමති ලංකාව සිංගප්පූරුව වගේ වෙනවානම්....

•ඔබ හම්බකරගත්ත දේවල් වලින් මොනාහරි කැපකරන්න උනොත් මොකක්ද කැපකරන්නේ...?
     ලෝකේ හැමදෙයක්ම ඇතිවෙනවා වගේම නැතිවෙනවා....මට ඒ දේවල් ගැන තණ්හාවක් නෑ....මම මොනාහරි කැපකරන්න උනොත් කැපකරනවා.....

•චන්දිමාල් ජයසිංහ දේශපාලනයට එන්න හදනවා කිව්වොත් ?
      මට ආරාධනා ලැබිලා තියෙනවා....බලාපොරොත්තුවක් තියෙනවා මට රට වෙනුවෙන් දෙයක් කරන්න...ඒ දේවල් හරියන්නේ හොර වැඩ කරන  අයට කියලා කියනවා....pageant වෙනස් කලා වගේ බලමු ඒ දේ හරියට කරන්න.....

•දැන් තියෙන දේශපාලන පක්ෂ ගැන මොකද හිතෙන්නේ..?
      මීට අවුරුදු දෙකකට කලින් හොඳයි කියලා හිතුන දේ දැන් නරකයි කියලා මිනිස්සුන්ට හිතෙනවා....කවුරු ආවත් අපි එතනමයි....පිටරට වලට ගියාම පේනවා ඒ අය අපිට වඩා දහස් ගුණයකින් දියුණුයි නමුත් අපේ රට එතනමයි....දුකයි මෙහෙම වෙන එකට...අපේ දෙයක්  දියුණුකරගන්නවත් GOVERNMENT තැන් වලින් උදව් ලැබෙන්නේ නෑ...මම අවුරුදු පහකට දහයකට කලින් දැකපු තැනමයි තාම අපි ඉන්නේ....

•ඔබ දේශපාලනය අවුල් කියලා මෙන්න මේ තත්වෙයි කියලා චන්දිමාල් ජයසිංහත් දේශපාලන පක්ෂ වලට සල්ලි දෙනවා නේද ?
        මිනිස්සු එහෙම හිතනවා...ඔය දේ මට කිව්වේ රෝසි සේනානායක මැතිනිය නිසා...මොකද  මම ඇගේ මැතිවරණ වලට උදව් කරන නිසා....මට මේ වෘත්තියට එන්න උදව් කලේ එතුමිය ඇය මගේ දෙවෙනි අම්මා වගේ....

•රෝසි සේනානායක මැතිනියගේ අඩිපාරේ යන කෙනෙක් නිසා දේශපාලනයට එන්නෙත් ඒ අඩිපාරේමද ?
      මට එතුමියත් කියලා තියෙනවා...හොඳ ආදර්ශ මම එතුමියගෙන් දැකලා තියෙනවා...

•දේශපාලනයට ආවොත් චන්දිමාල් මොනවගේ තැනකද ඉන්නේ ?
       මම මගේ ක්ෂේත්‍රයේ ඉහළම තැනට ගිහින් හරි දේ හරි විදිහට කරනවා...මම ඒ දේවල් හරියට කරනවා...ඉතිං මම මෙතනදිත් විශ්වාස කරනවා ඒ දේත් මට සාර්ථකව කරන්න පුළුවන් කියලා....

•ඔබ මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?
        මම බලාපොරොත්තු වෙනවා පලාත් සභා මැතිවරණයට ඉදිරිපත් වෙන්න..

•ඔබ කියන දේවල් කරන්න ඡන්දෙ ඉල්ලනම ඕනේ නෑනේ ?


         ‍දේශපාලනය තුල යම් බලයක් තියෙනවා...මම දැන් මේ ඉන්න විදිහට දෙයක් කරගන්න ගොඩාක් රස්තියාදු වෙන්න ඕන...මම හිතනවා දේශපාලනයට ගියොත් මට ගොඩාක් දේවල් කරන්න පුළුවන් වෙයි..සල්ලි තිබ්බත් ඉගෙන ගත්තත් කිසිම දෙයක් කරගන්න බෑ බලය නැතුව...

•රන්ජන් රාමනායක මහතාගේ හඬපට වල ඔබේ නමත් තිබුණා ඒ ගැන මොකද හිතෙන්නේ ?
       මට මුකුත් හිතුනේ නෑ...මොකද ඕක එක කෝල් එකක් විතරයි...ඊට වඩා දේවල් අපි කතා කරලා තියෙනවා....

•ඒ හඬපට වල කියනවා නේද ඔබට නිධානයක් හම්බුනා කියලා ?
       ඒක විහිළුවට කිව්ව දෙයක්....මට එහෙම නිධානයක් හම්බුනානම් මේ විදිහට නිදිමරාගෙන වැඩ කරන්නේ නෑ....මම මේ මුකුත් නොකර ගෙදරට වෙලා ඉන්නවා...ඒ දෙයින් උනේ මට තව MARKETING වැඩිඋන එක

•රන්ජන් ගැන මොකද හිතෙන්නේ ?
                රන්ජන්   මගේ කිට්ටු මිතුරෙක්...ඒ ඇරෙන්න මම දේශපාලන වශයෙන් එයාව ආශ්‍රය කරලා නෑ....හැබැයි මම දැකලා තියෙනවා හරි දේ කතා කරනවා...

•චන්දිමාල් දේශපාලනයට  ආවාම රන්ජන් වගේ දේශපාලන  චරිතයක් වෙයිද ?
          නැහැ....මොකද මට එහෙම කතා කරන්නත් බෑ.....හැබැයි මට කරන්න පුළුවන් දේ මම නිහඩව කරනවා මෙච්චරකල් කලා වගේම..මොකද මට වීරයෙක් වෙන්න ඕන නෑ..මම මට මගේ අම්මට මම වීරයෙක්....

•ඔබ ගත කරන ජීවිතයෙන් තමන් තමන්ව MARKET කරගන්නවා නේද ?
       එහෙම ඕනම කෙනෙක්ට හිතන්න පුළුවන්....මම දන්නේ නෑ ඒ මොකක්ද කියලා...මම මට පහසු ඇඳුම් අදිනවා,පහසු වාහනවල යනවා මම කැමති ආස දේවල් මම කරනවා...ඒක ඕනම කෙනෙක් කරනවා....ඒ ඇරෙන්න ඒවගෙන් MARKET වෙනවද කියලා....

•විවාහය ගැන බලාපොරොත්තුව ?
    මට හෙට උනත් ROYAL WEDDING එකක් අරගෙන බඳින්න පුළුවන්...ලංකාවේ මතයක් තියෙනවනේ පිරිමිකම පෙන්වන්න බඳින්නම ඕන කියලා...ඇත්තටම මට එහෙම ආශාවල් නෑ...

•ඇයි විවාහ වෙන්නේ නැත්තේ ?
     බැඳීම් කියන දේ එක්ක සමහර අයගේ ජීවිත දුර්වල වෙනවා මම දැකලා තියෙනවා....ආදරේ කියනදේ 20% ක් වගේ තමයි හරියටම තේරුම් අරන් කරන්නේ .....මේ ක්ෂේත්‍රයේ ඉද්දි මම දැකලා තියෙනවා බිරිඳක් ස්වාමියාට කොච්චර බොරු කරනවද පෙම්වතිය කොච්චර පෙම්වතාට බොරු කරනවද  කියලා...එහෙම උනාම මට ලොකු අවිශ්වාසයක් ඇතිවෙනවා...මම ආස නෑ මම   නාකි උනාම මාව බලාගන්න කෙනෙක් නැතුවට
බඳින්න...මේ විදිහට ඉදලා වයසට ගියහමත් මේ වගේම ඉන්න ඕන...මෙච්චර හම්බකරලා අනාත නිවාසෙක රෝද පුටුවක ඉන්නේ නෑ මම...

•තමන්ට තමන්ගේ දේවල් කරගන්න බැරිවෙන කාලේ මොනාද ඔයාගේ PLAN එක ?
     මම කැමති නෑ මගේ මරණෙවත් වෙන කෙනෙක් කරනවට...මම ඒ හැමදේම PLAN කරලා ඉවරයි....

•ජීවිතකාලෙටම ඔබ සල්ලි හම්බකරගෙන ඉවරද?
       ඔව් අනිවාර්යෙන්....මම ඒක කියනවා බය නැතුව...මොකද මම හොරකම් කරලා නෙවෙයි හම්බකලේ...නිදිමරලා දුක්විදලයි මම ඒ දේවල්  හම්බකලේ....

•මොකක්ද ඔයාගේ GOAL එක ?
       මට ඕන රජෙක් වගේ ඉන්න....ඒකට මට ඇතිවෙන විදිහේ ගෙයක් හදනවා ඒක මගේ සිහිනයක්....