
මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කොට්ඨාසයෙන් අද (26දා) දහවල් වන විට කොවිඩ්
19 ආසාදිත රෝගීන් පනස් දෙදෙනෙකු අලුතෙන් හමුවූ බව මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා
අධ්‍යක්ෂක වෛද්‍ය තුසිත අත්තනායක මහතා පැවසීය.
වැල්ලවාය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් රෝගීන් හතළිස්හය දෙනෙකුද, මොනරාගලින් රෝගීන්
හතර දෙනෙකුද,බුත්තලින් රෝගීන් දෙදෙනෙකුද මෙලෙස හමුවී ඇත.
මොනරාගලින් හමුවූ රෝගීන් හතරදෙනා මොනරාගල මහානාම ජාතික පාසලේ උසස් පෙළ හදාරන ශිෂ්‍යයින්
තිදෙනෙකු සහ එක් ශිෂ්‍යාවකි.
වැල්ලවායෙන් හමුවූ රෝගීන් 46 දෙනා මීට පෙර හමුවූ රෝගීන්ගේ ආශ්‍රිතයින්ය. මෙම රෝගීන් කොවිඩ්
ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යැවීමට කටයුතු යොදා ඇත.
මොනරාගල සුමනසිරි ගුණතිලක

