
මාලිගාවත්ත, අබීම් පෙදෙසේ නිවෙසක තිබී රුපියල් ලක්‍ෂ 80කට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 200ක සහ මුදල් රුපියල් 72,000ක් සමග 62 හැවිරිදි පුද්ගලයෙක් කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් පෙරේදා (10) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය කුඩා පාසල් ලෙස සකස් කර එම නිවෙසේ අල්මාරියක සඟවා තිබූ බවත් අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී මන්ද්‍රව්‍ය තොගය පිළිබඳව තොරතුරු හෙළි වූ බවත් පොලිසිය පැවැසීය.
මෙම මත්ද්‍රව්‍ය, දැනට ඉන්දියාවට පැන ගොස් සිටින මාලිගාවත්ත ප්‍රදේශයේ නමගිය මන්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියන දීග 'ෆයිසර්' නමැත්තාට අයත් බවට තොරතුරු හෙළි වූ බවත් යුද හමුදා බුද්ධි අංශයෙන් ලද බුද්ධි තොරතුරකට අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවත් පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් මන්ද්‍රව්‍ය, මුදල් සහ පුද්ගලයා වැඩිදුර විමර්ශන සඳහා මාලිගාවත්ත පොලිසියට බාරදුන් බව පොලිසිය වැඩිදුරටත් පැවැසීය.
- ඉන්දිකා රාමනායක-
Comments
Post a Comment
Your comment will be visible after approval