ලොව ප‍්‍රථම වරට ශාරීරික ලෙස පෙණහලු පටක බද්ධයක් සිදුකිරීමට ජපාන වෛද්‍යවරුන් පිරිසක් සමත්ව ඇතැයි වාර්තා වෙයි. කොරෝනා රෝගයෙන් හානි කරන ලද පෙනහල්ලක් යථාතත්වයට පත් කිරීමට එම රෝගය වැළඳූන කතකට මෙය සිදු කර ඇත.

covid-19 ආසාදනය වීම නිසා පෙණහලු පටක වෙත හානි සිදුවූ ජපානයේ කන්සායිහි වාසය කළ කාන්තාවකට මෙම සැත්කම සිදුකර තිබේ. මෙහිදී සජීවී දායකයන්ගෙන් ලබාගත් පෙණහලු පටක ඇය වෙත බද්ධ කිරීම සිදුකර ඇත. මෙම සජීවී දායකයන් වන්නේද මේ කාත්තාවගේ ස්වාමියා සහ පුත්‍රයා වීමද විශේෂත්වයකි.


ජපානයේ කන්සායි පළාතේ පදිංචි කාන්තාවක ඇය වෙත පසුගියදා පැය 11ක සාර්ථක සැත්කමක් සිදුකළ බව කියෝටෝ විශ්වවිද්‍යාල රෝහල මගින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි. ඇය වෙත සිය පෙණහලු කොටස් දන් දුන් ස්වාමියා සහ පුතුද මේ වනවිට ඉතාමත් යහපත් සෞඛ්‍ය තත්වයන් පසුවන බවත් පැවසෙයි. ඒ අනුව COVID-19 ආසාදනය වීම නිසා පෙණහලු වෙත හානි වූ පුද්ගලයෙකු වෙත සජීවී. දායකයන්ගෙන් ලබාගත් පෙණහලු පටක බද්ධ කළ ලොව පළමු වැනි අවස්ථාව මෙය බවද විශ්වවිද්‍යාල රෝහල පවසයි. මොළය මිය ගීය පුද්ගලයන්ගේ අවයව බද්ධ කිරීම ජපානය තුළ තවමත් ඉතාමත් කලාතුරකින් සිදුවන්නකි. එහෙත් සජීවී දායකයන්ගෙන් ලබා ගන්නා අවයව බද්ධ කිරීම වඩාත් සාර්ථක අවස්ථාවක් ලෙසත් පිළිගනියි.