
කොරෝනා ව්‍යාප්ත වීම පාලනය සදහා සංචාරන සීමා පනවා වසා දමා ඇති කුරුණෑගල ගනේවත්ත ප‍්‍රදේශයේ සිට පුත්තලම ප්‍රදේශයට පුද්ගලයෙන් පැන ගොස් ඇතැයි තොරතුරු හෙළි වී තිබේ.
සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ මුස්ලිම් ජනතාව බහුතරයක් වාසය කරන පුත්තලම ප‍්‍රදේශයේ ජනතාවගේ ඥාතීන් ගනේවත්ත ප්‍රදේශයේ වාසය කරන බවයි.
එම සම්බන්ධතාවයන් මත මෙම සංක්‍රමණය සිදු වන බවට තොරතුරු ලැබී ඇති බවද ඔවුහු කියති.
කෙසේ වෙතත් මෙම අනතුරු දායක තත්ත්වය පිළිබඳව අවදියෙන් සිටින ලෙසත් ප්‍රදේශයට පැමිණෙන නාදුනන පුද්ගලයන් පිළිබඳව තොරතුරු ඇත්නම් ආසන්නම පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙසත් සෞඛ්‍ය බලධාරීහු ජනතාවගෙන් ඉල්ලා සිටිති.
Comments
Post a Comment
Your comment will be visible after approval