
කොට්ටාව අධිවේගී පිවිසුමේ සේවකයන් තිදෙනකුට කොරෝනා ආසාදනය වීම නිසා එහි පිටවීමේ දොරටුව බදාදා පෙරවරු 6.00 සිට වසා තැබීමට කටයුතු යොදා ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.
සාමාන්‍ය රථවාහනවලට බදාදා පෙරවරු 6.00 සිට එම කොට්ටාව අධිවේගී මාර්ගයෙන් පිටවිය නොහැකි බවද වාර්තා වෙයි.
බස් රථවලට සහ ගිලන් රථවලට පමණක් එයින් පිටවිය හැකිය. කොට්ටාවෙන් ඇතුළුවන වාහනවලට ටිකට් පත් නිකුත් නොකරන බව ද අධිවේදී මාර්ග පාලන ආරංචි මාර්ග කියයි.
අධිවේගී මාර්ගය භාවිතා කරන අයට අතුරුගිරිය හා කහතුඩුව පිටවීම් දොරට භාවිත කරන්නැයි ද දන්වයි.
(ළහිරු හර්ෂණ)
Comments
Post a Comment
Your comment will be visible after approval