indians-in-sri-lanka

සංචාරක වීසා මගින් ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දියන් ජාතිකයන් නීති විරෝධී  ලෙස වකුගඩු බද්ධ කිරීම සහ වකුගඩු පරිත්‍යාග කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඉදිරියේ පසුගියදා (24) කරුණු වාර්තා කර ඇත.  මෙරට පෞද්ගලික රෝහල් දෙකකදී ඉන්දීය ජාතික කාන්තාවන් දෙදෙනකුට හදිසියේ මියයෑමේ සිද්ධියක් වාර්තා වී ඇති බවත් ඔවුන් මියගොස් ඇත්තේ වකුගඩු පරිත්‍යාග කිරීමක දී ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් ඉකුත් 2020 වසරේ දෙසැම්බර් මස කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවත් කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.ම

ෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහල් දෙකකදී ඉකුත් 2019 වසරේ නොවැම්බර් මාසයේදී ඉන්දීය ජාතික කාන්තාවන් දෙදෙනකු මියගොස් ඇති බවත්, ඔවුන් දෙදෙනා මියයන්නට හේතුව වකුගඩු බද්ධ කිරීමක් හෝ පරිත්‍යාග කිරීමක් හෝ විය හැකි බවට තොරතුරු ලැබී ඇති බවත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුම් දී ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය දැනුවත් කර ඇත.මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයන් තවත් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට පත්ව සිටින බවත් ඔවුන් සම්බන්ධයෙන් ද විමර්ශනයක් පවත්වන ලෙසට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුම් දී ඇති බවත්, කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කර තිබේ. ම

ෙම එම මෘතදේහ ඉන්දියාවට ගෙන ගොස් ඔවුන්ගේ ඥාතීන් භාරයට ගෙන ඇති අතර, ඔවුන් මෙරටට පැමිණ අදාළ රෝහල ප්‍රතිකාර ලබා ගත්තේ කුමන හේතුවක් මත ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ යුතුව ඇති බවද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණය දැනුවත් කර ඇත.ඒ අනුව, ඔවුන් දෙදෙනා එම රෝහල් දෙකට ඇතුළත් වූයේ මන්ද? ලබාගත් ප්‍රතිකාර මොනවාද? මියගිය හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් ලබාදෙන ලෙසට එම පෞද්ගලික රෝහල්වල අධ්‍යක්ෂවරුන් වෙත නියෝගයක් නිකුත් කරන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලා තිබිණ.ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය කොළඹ අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීම්වලට නියෝග නිකුත් කරමින් සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කර අධිකරණයට දැනුම් දෙන ලෙසට එම කොට්ඨාසයට නියම කළේය.

 (නිමන්ති රණසිංහ)